නගරවල වෙඩි තැබීම් නවත්වන ලෙස ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී
2021-08-04 09:18:57
Share with:

නාගරික ප්‍රදේශවල සටන් විරාමයක් ඇති කරන ලෙස ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම ඇෆ්ගනිස්ථාන රාජ්‍ය හමුදාවෙන් සහ තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටී.

දකුණු ඇෆ්ගනිස්ථානයේ Lashkargah නගරයේදී, එම දෙපාර්ශ්වයන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන්, ගත වූ පැය 24 තුළ නගරවැසියන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 118 දෙනෙකු තුවාල ලබා ඇති බව එම ආධාර කණ්ඩායම ඊයේ (3) පැවසූහ.

මෑතකදී, තලේබාන් සංවිධානය නගර කිහිපයකට පහර දී ඇත. ව්‍යසනකාරී බලපෑම් වැළැක්වීම සඳහා දෙපාර්ශ්වයන් පියවර ගෙන ජනතාව ආරක්ෂා කළ යුතු බව එම ආධාර කණ්ඩායම සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන