චීන විදේශ ඇමති වං යී මහතා චීන-ආසියාන් විදේශ ඇමති සමුළුවට එක් වෙයි
2021-08-03 19:26:05
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා චීන-ආසියාන් විදේශ ඇමති සමුළුවට එක් වෙයි_fororder_wy

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා අද(3) විඩියෝ ආකාරයෙන්, චීන-ආසියාන්(10+1) විදේශ ඇමති සමුළුවට එක් විය.

එහිදී වං යී මහතා පෙන්වා දුන්නේ, මෙම වසර චීන-ආසියාන් සංවාද සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සර වසර බවයි. චීනය සැමවිටම ආසියාන් රටවලට විශ්වාසය තැබිය හැකි හොඳ අසල්වැසියෙකු, හොඳ මිතුරෙකු සහ හොඳ සහකරුවෙකු බව, ඔහු පැවසීය.

වත්මන් චීනයේ වසංගතය ඵලදායි ලෙස පාලනය කර ඇති අතර, ආර්ථිකය අඛණ්ඩ ව යහපත් වෙමින් පවතී. චීනය සිය නව සංවර්ධනය මගින් ලෝකයට නව අවස්ථා ලබා දෙනු ඇති බවත්, චීන-ආසියාන් සහයෝගතා සඳහා නව අවස්ථා ලබා දෙනු ඇති බවත්, වං යී මහතා සඳහන් කළේ ය.

ආසියාන් රටවල එන්නත් සහ වෙනත් වසංගත විරෝධී ද්‍රව්‍ය සඳහා වන අවශ්‍යතා හැකි තරම් සපුරාලීමට මෙන්ම, කලාපීය මහජන සෞඛ්‍ය අර්බුදයන්ට මුහුණ දීමේ හැකියාව එක්ව දියුණු කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටී.

ආසියාන් සංවිධානය ජාත්‍යන්තර හා කලාපීය කටයුතු වලදී වඩා විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට චීනය දැඩි ලෙස සහයෝගය දක්වන අතර, ආසියාන් හී කේන්ද්‍රීය භාවය හීන කරන ඕනෑම සහයෝගිතා යාන්ත්‍රණයකට එකඟ නොවන අතර ඊට එක් නොවනු ඇතැයි ද  වං යී මහතා එහිදී සඳහන් කළේ ය.

ආසියාන්-චීන සම්බන්ධතාවල ලබා ගත් සාධනීය ප්‍රගතිය විශේෂයෙන් ම වසංගතයට එරෙහි සටනේදී දෙපාර්ශ්වයම ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව, ආසියාන් විදේශ ඇමතිවරු පූර්ණ ලෙස අගය කළහ.

ඔවුන් විශ්වාස කරන්නේ චීන-ආසියාන් සම්බන්ධතාව ආසියාන් සංවිධානයේ ප්‍රයෝගික ම හා සක්‍රීය ම හවුල්කාරීත්වයක් බවයි. වඩාත් උසස් මට්ටමේ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ගොඩ නැගීමට ඔවුහු එකඟ වූහ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන