වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
2021-08-03 17:12:38
Share with:

වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි_fororder_WHO

වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

පසුගිය 30වැනිදා පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව කොරොනා පිළිබඳ මාධ්‍ය හමුවකදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ Michael J.Ryan මහතා මේ බව පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මීළඟ පියවරේ වෛරසයේ ප්‍රභවය සොයා ගැනීම් පිළිබඳ පරීක්ෂණයන් සම්බන්ධයෙන් සක්‍රීයව සන්නිවේදනය කරමින් සිටී. පළමු අදියරේ වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමේ වාර්තා පදනම්ව, ඊළඟ පියවර ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි සාමාජික රටවල් අධ්‍යයනය කරමින් සිටින බව, Michael J.Ryan මහතා සඳහන් කළේ ය.

පළමු පියවර වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමේ වාර්තාවේ සඳහන් කෙරුණු විවිධ ප්‍රශ්න පිළිබඳව, චීන පර්යේෂකයින් විසින් වැඩිදුර පර්යේෂණ සිදු කර තිබේ.

චීන පර්යේෂකයින් ලබා ගත් නව පර්යේෂණ ප්‍රතිඵල, ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂාවෙන් සිටී. එසේම එම  කටයුතු චීනයේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බව, Michael J.Ryan මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන