ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට
2021-08-03 19:12:47
Share with:

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට_fororder_WHO-2

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක නියමිත කාලයට පෙර සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටේඩ්රොස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හෙතෙම පවසන්නේ ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට එන්නත්කරණය සදහා ඉලක්කගත වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙන අතර එම ඉලක්කය මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් සපුරාගෙන තිබීම ප්‍රශංසනීය බවයි. රට පුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂමව එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. දිවා රාත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීමද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ට්විටර් පණිවිඩයෙන් අගය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන