වූහාන් නගරයේ බෝවන රෝග මතු වීමක් පිළිබඳ මසකට පෙර ඇමරකාවට දැන ගැනීමට හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ඇමරිකාව පිළිතුරු දිය යුතුයි
2021-08-03 19:21:31
Share with:

වූහාන් නගරයේ බෝවන රෝග මතු වීමක්  පිළිබඳ මසකට පෙර  ඇමරකාවට දැන ගැනීමට හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ඇමරිකාව පිළිතුරු දිය යුතුයි_fororder_src=http___wx4.sinaimg.cn_large_45ad0adfly4gt3ncsq6uvj20u00j975x&refer=http___wx4.sinaimg

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව දෙසට සම්පූර්ණ විමර්ශනයක් වහාම යොමු  කළ යුතු ය.

CGTN බුද්ධි මණ්ඩලය මේ දිනවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂා හයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනමත විමසීම් සිදු කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව දෙසට කොරොනා වෛරසයේ ‍ප්‍රභවය සෙවීමේ පරීක්ෂණ යොමු කළ යුතු බවට වන මතයට එම ජනමත විමසීමට එක් වූවන්ගෙන් සියයට 83.1ක් අනුබල දුන්හ. වූහාන් නගරයේ බෝවන රෝග මතු වීමක්  පිළිබඳ මාසයකට පෙර  ඇමරිකාවට දැන ගැනීමට හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ඇමරිකාව පිළිතුරු දිය යුතු ය. The Time of Israel පුවත්පතේ වාර්තාවකට අනුව 2019 වසරේ නොවැම්බර් මස ඇමරිකා හමුදාව, ඊශ්‍රායලය හා NATO සංවිධානය සමග බුද්ධි තොරතුරු බෙදා ගනිමින් කොරොනා වෛරසය පැතිර යාමේ  තත්ත්වයක් මතු වනු ඇතැයි අනාවැකි පළ කර ඇත. එම බුද්ධි තොරතුරුවල චීනයේ Wuhan නගරය පිළිබඳ සඳහන් ක‍ර ඇත.

ඇමරිකා හමුදා නියෝජිත කණ්ඩායම 2019 වසරේ ‍ඔක්තොබර් මස පැවති ලෝක හමුදා උළෙලට එක් වූ අවස්ථාවේ දී වෛරසය Wuhan නගරයට රැගෙන පැමිණි බවට වන  මතය, කොරොනා වෛරස ප්‍රභවයට වඩාත්  ආසන්න මතයක් බව ඇමරිකා හමුදාවේ මෙම ‍බුද්ධි තොරතුරු මගින් පෙන්නුම් කෙරෙන බව රුසියානු මාධ්‍යන්හී විශ්වාසය වී තිබේ. රටවල් 70ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පණිවුඩ යොමු කරමින් වෛරස ප්‍රභවය සෙවීමේ පළමු වන අදියරේ ප්‍රතිඵලය පිළි ගෙන වෛරස ප්‍රභවය සෙවීම දේශපාලනීකරණය කිරීමේ වෑයමට‍ විරෝධය පළ කර ඇත. මෙවර CGTN බුද්ධි මණ්ඩලය විසින් කෙරුණු ජනමත විමසීමෙන් එම ගෝලීය එකඟතාව යළි පැහැදිලිව දක්නට ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන