ඇමරිකාවේ ප්‍රමිතීන් ,ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් නොවේ
2021-08-02 20:56:06
Share with:

චීනය ඇතුළු රටවල කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට සහය දෙන බවත්, මේ පිළිබඳව ජගත් ප්‍රජාව එක්සත් විය යුතු බවත්, පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමු වූ අවස්ථාවේදී පවසා තිබේ. කොරොනා වසංගතය මතුවීමෙන් පසු ජගත් කොරොනා මර්දනය කෙරෙහි ඉතා අසංවේදී වූ ඇමරිකාව එකවරම ජගත් ප්‍රජාවේ එක්සත්භාවය අවධාරණය කිරීම පුදුමයක් නොවේ ද ?

2020 වසරේ මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ආපසු එම සංවිධානයට පැමිණිය ද ‍ගෝලීය වසංගත පාලනය වෙනුවෙන් දායකවී නොමැත. සිය රට වෙනුවෙන් ම පමණක් කොරොනා මර්දන එන්නත් විශාල වශයෙන් ගබඩා කිරීම මෙන් ම චීනයට එරෙහිව කොරොනා වෛරසයේ ප්‍රභවය යළි යළිත් ඉස්මතු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ඇමරිකාව දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. විශේෂයෙන් මෑතදී කොරොනා වෛරසයේ ප්‍රභවය සම්බන්ධයෙන් නැවත චීනය පරීක්ෂණයට ලක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙළඹවීමට ඇමරිකාව නොගත් උත්සාහයක් නැත. එවන් උත්සාහ යටතේ කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳ ස්ථාවර උපදේශක කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලැසුම් කර සිටී. මෙය ලෝක විද්‍යා ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක් ව තිබේ. බොහෝ රටවල විද්‍යාඥයන් කියා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ථාපිත කරන එම උපදේශක කණ්ඩායම දේශපාලන උපකරණයක් බවට පත් වනු ඇති බවයි.

ඇමරිකාවේ යෝජනාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය යළි චීනය පරීක්ෂණයට ලක් කරන්නේ නම්, ඇමරිකාවේ Fort Detrick පරීක්ෂණාගාරය ඇතුළු ලොව පුරා ඇමරිකාව සතුව ඇති ජීව විද්‍යා පරීක්ෂණාගාර 200ක් පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව කිව යුතු ය. ඇමරිකාවේ ප්‍රමිතීන්, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් නොවේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන