කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාස තුනේදී රටට සිදුව ඇති ආර්ථික පාඩුව රුපියල් කෝටි අනූදහස ඉක්මවා ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි
2021-08-02 17:05:14
Share with:

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාස තුනේදී රටට සිදුව ඇති ආර්ථික පාඩුව රුපියල් කෝටි අනූදහස ඉක්මවා ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි_fororder_central bank

සිංහල අලුත් අවුරුද්දෙන් පසු රට පුරා පැතිර ගිය කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාස තුනේදී රටට සිදුව ඇති ආර්ථික පාඩුව රුපියල් කෝටි අනූදහස ඉක්මවා ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ රට සම්පූර්ණයෙන්ම වසා දමන එක් දිනකදී රටට සිදුවන ආර්ථික පාඩුව දළ වශයෙන් කෝටි එක්දහස් පන්සියයක් පමණ වන බවයි.

මෙම තත්ත්වය හමුවේ දිගින් දිගටම රට තුළ සංචරණ සීමා පනවා කටයුතු කළ නොහැකි බවත් අදාළ සෞඛ්‍ය උපදේශන වලට යටත්ව රටේ සාමාන්‍ය ජන ජීවිතය, එදිනෙදා ව්‍යාපාරික කටයුතු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල කටයුතු ආරම්භ කළ යුතු බව ඒ මහතා කීය.

පෙර වසර හා සැසදීමේදී මෙම වසරේ මුල් කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදනයට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.3ක මට්ටමට ගෙන ඒමට හැකි වූ බවත් දෙවන කාර්තුවේදී එය සියයට 10ක මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇති බවත් ඒ මහතා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන