අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන ලෙසට ජනපතිගෙන් උපදෙස්
2021-08-02 17:03:07
Share with:

අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන ලෙසට ජනපතිගෙන් උපදෙස්_fororder_prez

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දෙයි. දැනට වාර්තා වන සංඛ්‍යාලේඛන අනුව වෛරසය ආසාදනයෙන් මිය යන වැඩි පිරිස එන්නත් ලබා නොගත් අය වන බවත් පැවසු ජනාමාධ්‍ය අමාත්‍යවරයා, මෙතෙක් එන්නත් නොගත් අය එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද කීවේය.

මේ වන විට එන්නත් නොගත් අය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙසින් සංගණනයක් සිදු කෙරෙන බවත් එන්නත් ලබාගෙන ඇති ජනතාව හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉදිරියේ දී විශේෂ හැදුනුම්පතක් ඔවුන් වෙනුවෙන් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන