චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි
2021-07-24 15:54:51
Share with:

චීන ජනාධිපතිවරයා ටිබෙට් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ටිබෙට් ස්වායත්තය පිළිබඳ පරිපාලන උපාය මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි.

චීන ටිබෙට් ස්වායත්තය සාමකාමී විමුක්තිය ලබා ගැනීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති හා යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා ටිබෙට් ස්වයාත්තයට පැමිණ නිරීක්ෂක චාරිකාවක නිරත විය.

ගතවූ වසර 70ක කාලය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, සමස්ත චීන ජනතාවගේ පූර්ණ සහය ඇතිව, අසීරුතාවන් නොතකා ටිබෙට් ස්වායත්තයේ ඒ ඒ ජාතීත්ට අයත් ජනතාව සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිති.සමාජ පද්ධතිය ඓතිහාසික විපල්වයක් ඉටු කර ආර්ථීක හා සමාජ ක්ෂේත්‍ර පූර්ණ ලෙස දියුණු කරමින් ජනතාවගේ ජීවිත විශාල වශයෙන් යහපත් කර නාගරික හා ගම්මාන ස්වරූප පෙර නොවූ ආකාරයෙන් වෙනස් වී තිබෙන බව ෂී ජින් පිං මහතා නිරීක්ෂණ චාරිකාවේදී පැවසීය. සත්‍ය හා සාක්‍ෂි මගින් චීන කොමියුනිස්ට් පක්ෂය නොමැතිව නව චීනයක් නොතිබෙනු ඇති අතර නව ටිබෙට්යක් දැකීමට ද අවස්ථාව නොලැ‍බෙනු ඇති බව ෂී ජින් පිං මහතා පවසයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ ටිබෙට් ස්වයාත්තය කෙරෙහි ක්‍රියාත්මක ප්‍රතිපත්ති හා පියවර සම්පූර්ණ නිවැරදි බව හෙතෙම පැවසීය. 

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ටිබෙට් ස්වායත්තය පිළිබඳ පරිපාලන උපාය මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ස්ථිර ලෙස අදාළ මෙහෙයුම් අනුගමනය කරමින් නව සංවර්ධන අදියර මත පූර්ණ, නිවැරදි නව සංවර්ධන චින්තනයක් අනුගමනය කළ යුතු ය. නව සංවර්ධන ව්‍යුහය වෙනුවෙන් සේවය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු ය. දේශසීමා ප්‍රදේශයේ සංවර්ධනය තහවුරු කරමින් ස්ථාවරත්වය, සංවර්ධනය, ජෛව පරිසරය, දේශසීමා ප්‍රදේශය ශක්තිමත් කිරීම යන කාර්යයන් හතරක් ප්‍රධාන ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. චින්ග්හයි ටිබෙට් සානුවේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා තිරසර සංවර්ධනයේ දී නව ජයග්‍රහණ ලබා දෙමින් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන නව පරිච්ඡේදයක් ආරම්භ කෙරෙනු ඇතැයිද චීන ජනාධිපතිවරයා පවසයි.

චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි_fororder_rBABCWD7OnyAOT94AAAAAAAAAAA896.600x412

චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි_fororder_rBABC2D7OnyAXVQzAAAAAAAAAAA795.600x376

චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි_fororder_rBABCmD7On2AdLnFAAAAAAAAAAA345.600x441

චින්ග්හයි ටිබෙට් සානුවේ දිගු කාලීන සාමය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව පරිච්ඡේදය ආරම්භ කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි_fororder_rBABDGD7On2AI7TAAAAAAAAAAAA081.600x400

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන