චීන ජනාධිපතිවරයා ටිබෙට් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක
2021-07-23 10:20:52
Share with:

චීන ජනාධිපතිවරයා ටිබෙට් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක_fororder_习近平赴西藏考察

චීන ජනාධිපති ෂින් ජින්පිං මහතා  ටිබෙට් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ  මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පෙරේදා ( 21) ටිබෙටයට ගොස් නිරීක්ෂනයක කළේය . ලින්ත්ෂි වෙත පැමිණි ෂී ජින් පිං මහතා ගුවන් තොටුපලේදී ටිබෙටයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල සාමාජිකයන් සහ ජනතාව විසින් උණුසුම් ලෙස පිළි ගෙන තිබේ. පසුව හෙතෙම නියාං ගංගා පාලම වෙත පැමිණ Yarlung Zangbo ගංඟාවේ සහ නියාං ගංගා ද්‍රෝණියේ පරිසර තත්ත්වය  හා එහි පාරිසරික ආරක්ෂාව පරික්ෂා කළේය.

සිචුවාන් ටිබෙට් දුම්රිය මාර්ගයේ සමස්ත සැළැස්ම සහ ලාසා සිට ලින්ත්ෂි දක්වා ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ තොරතුරු විමසූ ෂී ජින්පිං මහතා ඊයේ (22 ) ලින්ත්ෂි දුම්රිය ස්ථානයට පැමිණියේය. පසුව හෙතෙම දුම්රියෙන් ලාසා නගරයට ගිය අතර එම ගමනේ දී දුම්රිය මාර්ගය දිගේ ඉදිකිරීම් පරීක්ෂා කර අදාළ ගැටළු ගැඹුරින් අධ්‍යයනය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන