සෑම දිස්ත්‍රික්කයකටම පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථාන
2021-06-24 19:13:00
Share with:

සෑම දිස්ත්‍රික්කයකටම පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථාන_fororder_pavithra

පීසීආර් පරීක්ෂණ සඳහා දැනට රසායනාගාර පහසුකම් නොමැති සෑම දිස්ත්‍රික්කයකම එම පහසුකම් සහිත කේන්ද්‍රයක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

ජූලි මාසයේ මැද භාගය වන විට එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවද ඇමැතිවරිය සඳහන් කළාය. පසුගිය 20දාට මෙරට තුළ තිස් අට ලක්ෂ අනූ හතර දහස් හත්සිය හැත්තෑපහක් (3,894,775) පීසීආර් පරීක්ෂණ කර ඇති බවද ඇමැතිවරිය අනාවරණය කළ අතර, පසුගිය මාසය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ හත් ලක්ෂ දොළොස් දහස් පන්සිය පහළොවක් (712,515) කර ඇති බවද ඇය කීවාය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන