ශ්‍රී ලංකා අපනයනයන් හී කැපීපෙනෙන වර්ධනයක්
2021-06-24 19:10:48
Share with:

ශ්‍රී ලංකා අපනයනයන් හී කැපීපෙනෙන වර්ධනයක්_fororder_colombo port

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම සියයට 33ක වර්ධනයක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.

පසුගිය වසර තුනේ අපනයන ආදායම කෙරෙහි අවධානය යොමු කිරීමේදී කොවිඩ් වසංගතයේ බලපෑමක් නොතිබූ, 2019 ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාව උපයාගෙන තිබූ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4845.72 ක මුදලකි.

ලොව පුරා කොව්ඩි වසංගත ව්‍යාප්තියත් සමඟ 2020දී මෙරට තුළද දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වීම සහ කර්මාන්තවල වැඩකටයුතු අඩාලවීමෙන් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව තුළ මෙරට අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණි.

ඒ අනුව දැඩි සංචරණ සීමා මධ්‍යයේ වුවද අදාළ මාස 05 ක කාලසීමාව තුළ  ශ්‍රී ලංකාව අපනයන හරහා උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3456.32කි.

කෙසේවෙතත් මේ වසරේ පළමු මාස 05 කෙරෙහි අවධානය යොමු කිරීමේදී 2020 වසරට සාපේක්ෂව එම මාස 05 තුළදී ලබාගත් අපනයන ආදායමේ සියයට 32.61%ක සාධනීය වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන