කැනඩාව කඩකල මානව හිමිකම්
2021-06-23 21:07:36
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන රැස්වීමේදී රුසියාව, උතුරු කොරියාව, ඉරානය හා සිරියාව ඇතුළු රටවල් නියෝජනය කරමින් චීනය ඊයේ (22) කැනඩාවේ මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීය. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් වහාම නතර ‍කරන ලෙස චීනය එහිදී කැනඩාවෙන් ඉල්ලීමක් කර තිබේ.

කැනඩාව එරට ආදිවාසීන්ට එරෙහිව විවිධ අපරාධ සිදු කර ඇත.ඉඩම් කොල්ලකෑම, ජීවිත ඝාතනය සහ ආදිවාසීන්ගේ සංස්කෘතිය තුරන් කිරීම වැනි අපරාධ ඉතිහාසගත වී තිබේ. මානව හිමිකම් මුවාවෙන් චීනයට එරෙහිව කළ සෑම ‍චෝදනාවක් ම තුළින් කැනඩාව සිය ආදිවාසීන්ට සිදු කළ එම අපරාධ සොයා ගත හැකි ය.

මෑතදී කැනඩාවේ ආදිවාසී බෝඩිං පාසලක ආදිවාසී ළමුන් 215 දෙනෙකුගේ මෘත දේහ හමුවී ඇත. එම ළමුන්ගේ මරණ පිළිබඳ කිසිදු සටහනක් තබා නොමැත. එම ළමුන් මිය යාමට පෙර දෙමාපියන්ගෙන් ඈත්ව සිටි බවත් ඔවුන් අපයෝජනය හෝ නොසලකා හැරීම හේතුවෙන් අවසානයේදී මිය ගිය බවත් මාධ්‍ය වාර්තාවලින් හෙළි වී ඇත. මෙය, කැනඩාවේ ආදවාසී බෝඩිං පාසැල් ක්‍රමයේ සැබෑ ස්වරූපයේ කුඩා කැඩපතක් පමණි. සංඛ්‍යා ලේඛන අනුව කැනඩාවේ ආදිවාසී ළමුන් එක් ලක්ෂ 50 දහසක් දෙමාපියන්ගෙන් ඈත් වී ඊනියා බෝඩිං පාසැල්වලට ඇතුළු වී තිබේ. ඔවුන්ගෙන් 50 දහසක් අපයෝජනය හේතුවෙන් මිය ගොස් ඇත. ආදිවාසී බෝඩිං පාසැල් ක්‍රමය සංස්කෘතික ජන සංහාරයට සමාන බව 2015 වසරේ කැනඩාවේ “සත්‍ය හා සමාදාන කොමිෂන් සභාව”විමර්ශන වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ ය.

මෑතදී කැනඩාවෙන් වාර්තා වූ ආදිවාසී ළමුන්ගේ මළ සිරුරු පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කැනඩාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන