3වැනි වතාවට අභ්‍යවකාශයට ඇතුළු වූ චීනයේ වැඩිමහල් ම ගගනගාමියා
2021-06-22 13:41:51
Share with:

3වැනි වතාවට අභ්‍යවකාශයට ඇතුළු වූ චීනයේ වැඩිමහල් ම ගගනගාමියා_fororder_2

3වැනි වතාවට අභ්‍යවකාශයට ඇතුළු වූ චීනයේ වැඩිමහල් ම ගගනගාමියා_fororder_1

3වැනි වතාවට අභ්‍යවකාශයට ඇතුළු වූ චීනයේ වැඩිමහල් ම ගගනගාමියා_fororder_3

පසුගිය 17වැනි දා, චීන ජාතිකයින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය‍ට ප්‍රථම වරට පිවිසීමට සමත් වුණා. ඒ සමගම,චීන ගගනගාමීන් තිදෙනා මාස 3ක් පුරා Tianhe ප්‍රධාන කුටියේ රැඳී සිටීම ආරම්භ කළා. එම ගගනාගමීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි Nie Haisheng මහත්මයා.

Nie Haisheng, 1964 වසරේ මධ්‍යම චීනයේ හූ බේ පළාතේ කුඩා ගම්මානයක උපත ලැබුවා. ඔහුගේ දෙමාපියන් ‍ගොවිතැන් කටයුතු වල නිරත වී දිළිඳු ජීවිතයක් ඔවුන් ගත කරමින් සිටියා. කෙසේ වෙතත්, දෙමාපිය උපරිමයෙන් උත්සාහ කර Nie Haishengට පාසල් අධ්‍යාපනය ලබා දුන්නා.

දිළිඳුකම ඔහු නොපසුබටව අධ්‍යයනය කටයුතු වල නිරත වීමට හේතු වුණා. විවිධ විෂයන් සඳහා වූ විභාග වලින් ඔහුට නිරන්තරයෙන් ම පූර්ණ ලකුණු ලැබුණා.

1983 වසරේ දී Nie Haisheng ට විභාගයකින් චීන මහජන විමුක්ති හමුදා ගුවන් හමුදාවේ ගුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුණා. පැය 1480ක් පුරා ඔහු සුරක්ෂිත ව ගුවන් යානා පියාසර කිරීම් සිදු කර තිබෙනවා. ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නියමුවෙකු ලෙසට ඔහු ශ්‍රේණිගත කරනු ලැබුවා. 1998 වසරේ ජනවාරි මාසයේ, ඔහු නිල වශයෙන් චීනයේ ප්‍රථම ගගනගාමීන් පිරිස අතරට එක් වුණා.

2005 වසරේ ඔක්තෝබර් 12වැනි දා, චීනයේ මිනිසුන් සහිත Shen Zhou 6 අභ්‍යාවකාශ යානය ගුවන් ගත කෙරුණා. Nie Haisheng ගගනගාමියෙක් ලෙස එහි මෙහෙයුම් සාර්ථක ව සිදු කළා. 2013 වසරේ අප්‍රේල් මාසයේ, Shen Zhou 10 අභ්‍යාවකාශ යානය උඩු ගුවනට යැවුවා. Nie Haisheng යළිත් වරක් ගගනගාමියෙක් ලෙසට එහි මෙහෙයුම් සාර්ථක ව ඉටු කළා.

පසුගිය 17වැනි දා, 57 වියේ පසු වන Nie Haisheng Shen Zhou 12 සමග ම 3වැනි අවස්ථාවට අභ්‍යවකාශයට ඇතුල් වුණා. අභ්‍යවකාශයට ගිය චීනයේ වැඩිමහල් ම ගගනගාමියා ලෙසට Nie Haisheng හඳුන්වා දෙන්න පුළුවන්.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන