චීන ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කරන චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ සුන්දරත්වය
2021-06-11 16:42:38
Share with:

චීන ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කරන චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ සුන්දරත්වය_fororder_src=http___5b0988e595225.cdn.sohucs.com_images_20190701_b327a63eb4f34e8f95a81f2b9ee22ce6.jpeg&refer=http___5b0988e595225.cdn.sohucs

මකර ‍බෝට්ටු උත්සවය එළඹීමට ආසන්න වී තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නිරන්තරයෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ ප්‍රවර්ධනය කරනවා.

මේ වසරේ වසන්ත උත්සවයට පෙර, ෂී ජින් පිං මහතා බටහිර චීනයේ ගුයිෂෝ පළාතට ගොස් එහි මියාඕ ජාතික ගම්මානයක් නිරීක්ෂණය කළා. අතිවිශිෂ්ට අත්කම් මියාඕ එම්බෙ‍්‍රායිඩරි ඇඳුම් සහ කුඩා උපාංග ෂී ජින් පිං මහතාගේ අවධානයට ලක් වුණා.

මියාඕ එම්බ්‍රොයිඩරි චීන ඇඳුම් ඉතිහාසයේ ජීවමාන නිදර්ශකයක් ලෙස හැඳින් වෙනවා. අද වන විට, මියාඕ එම්බ්‍රොයිඩරි කර්මාන්තය ගුයිෂෝ හි කාන්තාවන් වෙනුවෙන් රැකියා අවස්ථා 500,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර මියාඕ එම්බ්‍රොයිඩරි නිෂ්පාදිත, රටවල් 60 කට වැඩි ගණනකට අපනයනය කරල තිබෙනවා.

මියාඕ එම්බ්‍රොයිඩරි ප්‍රවර්ධනය කිරීමට ෂී ජින් පිං මහතා ප්‍රාදේශීය වැසියන් දිරිමත් කළා. සාම්ප්‍රදායික විලාසිතාවක් පමණක් නොව එය සංස්කෘතියක් මෙන්ම කර්මාන්තයක් ද වන බව ෂී ජින් පිං මහතා පැවසුවා. එමගින් ජාතික සංස්කෘතිය ප්‍රවර්ධනය කළ හැකි අතර අඩු ආදායම් ලාභීන්ට උපකාර කරමින් ගම්මාන පුනර්ජීවනය කළ හැකි බව හෙතෙම පැවසුවා.

මීට දින කිහිපයකට පෙර, ෂී ජින් පිං මහතා "ටිබෙට් බුමුතුරුණුවල  උපන් නගරය" වන ඡිංහයි පළාත‍ට ගොස් ටිබෙට් බුමුතුරුණු නිෂ්පාදකයින් හමු වුණා.

වසර 2000 කට වැඩි ඉතිහාසයක් ඇති ටිබෙට්  බුමුතුරුණු යනු ටිබෙට් ජාතිකයින්ගේ සාම්ප්‍රදායික සංස්කෘතියේ නිධානයක්. බහුල අමුද්‍රව්‍ය සම්පත් සහ සාම්ප්‍රදායික ජාතික ශිල්පයේ වාසි මත පදනම්ව, ඡිංහයි පළාත සුවිශේෂී කලාපීය ලක්ෂණ සහිත ටිබෙට් බුමුතුරුණු කර්මාන්තයක් ගොඩනැගීමට උත්සාහ කර තිබෙනවා. ටිබෙට් බුමුතුරුණු කර්මාන්තය ඡිංහයි පළාතේ තත්ත්වයට සුදුසු කර්මාන්තයක් වන අතර, එය අඩු ආදායම් ලාභීන්ගේ ආදායම වැඩි කිරීමටත්, ග්‍රාමීය පුනර්ජීවනය හා ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීමටත් උපකාර වන බව ෂී ජින් පිං මහතා පැවසුවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන