වසංගතය ජය ගත හැක්කේ ජන ශක්තිය මගින් පමණක් බව චීන ජනපති අවධාරණය කරයි
2021-05-21 21:25:37
Share with:

图片默认标题_fororder_1127476486_16216013784971n

ගෝලීය සෞඛ්‍ය සමුළුවට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වයි.

වසංගතය සමග සටන් කරන්නේ ජනතාව සඳහා බවත්, එය ජය ගත හැක්කේ ජන ශක්තිය මගින් පමණක් බවත් ඔහු අවධාරණය කළේය. ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය ප්‍රමුඛ ස්ථානයක තබා ගත යුතු ය. ඉමහත් දේශපාලන වගකීමක් හා ධෛර්යයක් දරමින් අසාමාන්‍ය තත්ත්වයට අසාමාන්‍ය පියවර ගත යුතුය. මේ තුළදී සැම කෙනෙකුගේ ම ජීවිත හා අභිමානය ගරු කළ යුතු බව ද හෙතෙම කීය.

වසංගතයට මුහුණ දීමේදී, අප විද්‍යාත්මක ආකල්පයක් සහිතව විද්‍යාත්මක නීති අනුමගනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. 

ඖෂධ හා ඖෂධ නොවන වසංගත පාලන ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කළ යුතුය. නිත්‍ය වැළැක්වීමේ ක්‍රම සහ හදිසි ප්‍රතිචාර ඒකාබද්ධ කළ යුතුය. වසංගත පාලනය සහ ආර්ථික හා සමාජ සංවර්ධනය සම්බන්ධීකරණය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මානවයා පොදු ඉරණම සහිත ප්‍රජාවක් බව මෙන්ම දුක සැප බෙදා ගැනීම ද වසංගතයෙන් යළි හෙළි වූ බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.මානවයාගේ සනීපාරක්ෂක සෞඛ්‍ය ඒකකය යන සංකල්පය මත එකමුතුව සහයෝගිතා පවත්වා අභියෝගයන්ට පොදුවේ මුහුණ දී ඕනෑම ආකාරයේ දේශපාලනීකරණයකට, ලේබල් කිරීමකට හා අපකීර්තියට පත් කිරීමේ කුමණ්ත්‍රණයකට ස්ථිර ලෙස විරෝධය පළ කළ යුතු බව හෙතෙම පැවසීය.

ගෝලීය වසංගත වැළැක්වීමේ පාලන පද්ධතිය පරිපූර්ණ කළ යුතු ය. අනතුරු ඇඟවීම් හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව,දැරුණු වසංගත ප්‍රතිචාර හැකියාව, හදිසි භාණ්ඩ සංචිත හා සැපයුම් කිරීමේ හැකියාව,අසත්‍ය තොරතුරු වැළැක්වීමේ හැකියාව,සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුබල දීමේ හැකියාව ඉහළ නංවා ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා පැවසීය.

සීමිත එන්නත් නිෂ්පාදන ධාරිතාවයක් සහ විශාල එන්නත් ඉල්ලුමක් පවතින තත්ත්වයක් ය‍ටතේ වුවද, හදිසි අවශ්‍යතා සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල් 80 කට වැඩි ගණනකට එන්නත් සහාය ලබා දීමටත් රටවල් 43 කට එන්නත් අපනයනය කිරීමටත් චීනය කටයුතු කර ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආධාර ලබා දී ඇති අතර රටවල් 150 කට වැඩි ගණනකට සහ ජාත්‍යන්තර සංවිධාන 13 කට වසංගත පාලන ද්‍රව්‍යමය ආධාර ලබා දී තිබෙන බව හෙතෙම පැවසීය.

ජී 20 හි “ඌන සංවර්ධිත රටවල් සඳහා ණය ගෙවීම කල් දැමීමේ මුලපිරීම”චීනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කට වඩා වැඩි ණය මුදල් ගෙවීම චීනය විසින් කල් දමනු ලැබ තිබේ. ජී 20 සාමාජිකයින් අතර වැඩිම වශයෙන් ණය ගෙවීම කල් දමා ඇති රට චීනය බව හෙතෙම කියා සිටියේය.

ගෝලීය වසංගත පාලනයට සහාය දැක්වීම පිළිබඳ චීනයේ නව පියවරයන් ෂී ජින්පිං මහතා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

පළමුවෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල වසංගත පාලනයට හා ආර්ථික සමාජ සංවර්ධනයට සහාය දැක්වීමට ඉදිරි වසර තුන තුළ තවත් ඇ.ඩො. බිලියන තුනක ජාත්‍යන්තර සහනාධාරයක් ලබා දෙනු ඇත.

දෙවනුව, චීනයෙන් ලෝකයට එන්නත් කෝටි 30ක් ලැබී තිබේ. ඉදිරියේදී චීනය හැකි පමණින්, වඩා වැඩි එන්නත් සැපයීමට කටයුතු කරයි.

තුන්වනුව, චීන දේශීය එන්නත් නිෂ්පාදන ව්‍යාපාර විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණය පවරා දී සහයෝගිතාවයෙන් නිෂ්පාදනය සිදු කිරීමට චීන රජය අනුබල දෙනු ඇත.

සිව්වනුව, කොරොනා එන්නත් නිෂ්පාදනය සඳහා වන බුද්ධිමය දේපල අයිතියෙන් නිදහස් වීමට අනුබල දෙන බව චීනය ප්‍රකාශ කර ඇත. ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජගත් ආයතන ඒ පිළිබඳව කඩිනමින් තීරණයකට එළඹීමට අනුබල දක්වනු ඇත.

පස්වනුව, එන්නත් සහයෝගිතා ජාත්‍යන්තර සාකච්ඡා සභාවක් ස්ථාපිත කොට එන්නත් නිෂ්පාදනය හා පර්යේෂණය සිදු කරන රටවල්, ව්‍යාපාර හා අදාල පාර්ශ්වයන් ලවා ගෝලීය එන්නත් සාධාරණ ලෙස බෙදා දීම පිළිබඳව සාකච්ඡා කරන ලෙස චීනය මුලපුරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන