සිනොෆාම් එන්නත ලබා ගත් අයට අතුරු ආබාධ තත්ත්වයන් වාර්තා වී නැතැයි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි
2021-05-12 19:31:34
Share with:

සිනොෆාම් එන්නත  මේ දක්වා ලබා දුන් අයට මෙතෙක් අතුරු ආබාධ තත්ත්වයන් වාර්තා වී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.මෙරට පුද්ගලයින් 50,493 දෙනෙකුට ඊයේ (11) “සයිනොෆාම්” එන්නත ලබා දී ඇති බව හෙතෙම කියා සිටී.මේ දක්වා  චීනය විසින් නිපදවන ලද “සි‍නොෆාම්”එන්නත මෙරට පුද්ගලයින් 71,203 කට ලබා දී තිබේ.මේ අතර  ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන