"චීනය + මධ්‍යම ආසියානු රටවල් පහක" විදේශ ඇමති සමුළුව පැවැත්වේ
2021-05-12 19:25:14
Share with:

"චීනය + මධ්‍යම ආසියානු රටවල් පහක" විදේශ ඇමතිවරුන්ගේ 2වන සමුළුව, අද(12) චීනයේ Shaanxi පළාතේ Xi'an නගරයේ දී, චීන විදේශ ඇමති Wang Yi මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, තුර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය යන රටවල් 5ක විදේශ ඇමතිවරු ඊට එක් වූහ.

ලබන වසර යනු චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරයයි.

ඉදිරි වසර 30 තුළ, අන්‍යෝන්‍ය යහපත් සහයෝගිතා සංවර්ධන කලාපයක් ඒ ඒ පාර්හ්වයන් එක්ව ඉදිකළ යුතු අතර, චීන-මධ්‍යම ආසියානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැඟීමට ක්‍රියා කළ යුතු බව, Wang Yi මහතා එහිදී අවධාරණය කළේ ය.

මෙම සමුළුවේ දී  ක්ෂේත්‍ර 8ක පිළිබඳ එකඟතාවන්ට  එළඹින.

එහි අරමුණ උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි.

ඉදිරි වසර 30 ක සහයෝගීතා සැලැස්ම ඒකාබද්ධව සැලසුම් කිරීමෙන්, චීන-මධ්‍යම ආසියානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැඟීම අරමුණ යි.

වසංගතයට එරෙහිව අඛණ්ඩව එක්සත් ලෙසින් සටන් කළ යුතුය.

එක් තීරයක් එක් මාවතක් උසස් තත්ත්වයේ එකට ඉදිකිරීම් අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම ද ඊට අයත් ය.

ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට සහ බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමට අත්වැල් බැඳගත යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන