පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ අරාබි සංගමයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවක්
2021-05-12 15:18:09
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ අරාබි සංගමයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවක්_fororder_0

අරාබි සංගමය වි‍ඩියෝ ආකාරයෙන් පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවක් පවත්වයි.

අරාබි රටවල විදේශ ඇමතිවරු වි‍ඩියෝ ආකාරයෙන් හදිසි සමුළුවක් පවත්වා ජෙරුසලමේ පලස්තීන ජාතිකයන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ක්‍රියාකාරම් පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව අරාබි සංගමය ඊයේ(11) නිවේදනයක් පළ කළේය.

මෙම සමුළුව මගින් ජෙරුසලමේ සහ වෙනත් අත්පත් කරනු ලැබූ පලස්තීන ප්‍රදේශවල ඊශ්‍රායලය සිදු කර ඇති උල්ලංඝනීය ක්‍රියාවන් හෙළා දැකීම පමණක් නොව, පලස්තීන-ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව ඉදිරියට නොයා යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි පණිවිඩයක් ලබා දී  ඇති බව අරාබි සංගම් මහලේකම්වරයා පවසයි.

ඊශ්‍රායලයේ එම ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවත්, ආගමික පූජනීය ප්‍රදේශවල ආගමික කටයුතු පැවැත්වීම සඳහාවන පලස්තීන ජාතිකයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් උල්ලංඝනය ‍කොට තිබෙන බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන