චීන ජනාධිපතිවරයා හනාන් පලාතේ සංචාරයක
2021-05-12 21:12:36
Share with:

අද (12 ) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හනාන් පළාතේ නැන් යං නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. හෙතෙම ප්‍රථමයෙන් ගියේ එම නගරයේ වෛද්‍ය මුනිවර මන්දිරයට ය . චීනයේ වෛද්‍ය මුනිවරයා වශයෙන් සලකනු ලැබූ චං ‍චෝං ජිං ගේ ජීවිතය සහ ඔහු සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ඉටු කළ සේවය පිළිබද චීන ජනාධිපතිවරයා සැලකිල්ල දැක්වීය. ඉන් අනතුරුව නැන් යං නගරයේ රෝස ප්‍රදර්ශන උද්‍යානයට සහ නැන් යං Yaoyibao Wormwood නිෂ්පාදන සමාගමට ගියේ ය. එම ස්ථාන දෙකේදී හෙතෙම වෙන් වෙන් ව රෝස හා Wormwood මූලික කර්මාන්ත සංවර්ධනය පිළිබඳව සොයා බැලීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන