චීන තරුණයින්ගේ විශිෂ්ඨ ජීවගුණය
2021-05-01 15:19:25
Share with:

චීන තරුණයින්ගේ විශිෂ්ඨ ජීවගුණය_fororder_是

මැයි මස හතර වැනිදා චීනයේ තරුණයින්ගේ දිනයයි.

පසුගිය හැට හා හැත්තෑව දශකවලදී, නාගරික තරුණ තරුණියන් ගම්බද ප්‍රදේශවලට යොමු වී කෘෂි කර්මාන්තයට එක් වීම තුළින් සිය අධිෂ්ඨානය හා ජීවගුණය ශක්තිමත් කරමින් රටට දායක වීම දිරිමත් කර තිබෙනවා. ඒ අනුව 1969 වසරේ ජනවාරි මාසයේ 15 හැවිරිදි ෂී ජින්පිං දුම්රියට නැග බටහිර චීනයේ ෂාන්ෂී පළාතේ ලියංජ්‍යාහ නම් ගම්මානයකට පැමිණ එහි වසර හතක ගැමි ජීවිතයක් ගත කළා. වගා කිරීම, ගල් අඟුරු ප්‍රවාහනය කිරීම, බැමි ඉදි කිරීම, වැසිකිලි සකස් කිරීම වැනි දේ ඒ කාලයේ ඔහුගේ එදිනෙදා ජීවිතයට ඇතුළත් වුණා. ග්‍රාමීය ජනතාව සමග එක්ව සිටි ඒ කාලය ෂී ජින්පිංගේ විශේෂ ජීවිත අත්දැකීමක් වෙනවා.

චීන තරුණයින්ගේ විශිෂ්ඨ ජීවගුණය_fororder_微信图片_20210501151730

කෙසේ වුවද ගොවිතැන් කටයුතුවලින් අනතුරුව ඉගෙන ගැනීමට යොමුවීමට ෂී ජින්පිං අමතක කළේ නෑ. වැඩකටයුතු අවසන් වීමෙන් පසු ඔහුට විශාලතම නිදහස ලැබුණේ පොත් කියවීම තුළින්. වසර 1975  දී ෂී ජින්පිං, චීනයේ සුප්‍රකට ට්සිං හුවා විශ්ව විද්‍යාලය විසින් බඳවා ගනු ලැබුණා. රසායනික විද්‍යා කාර්මික පීඨයේ ඔහු වසර හතරක් අධ්‍යාපනය ලබා ගත්තා.

චීන තරුණයින්ගේ විශිෂ්ඨ ජීවගුණය_fororder_4

චනග් වෙයි, ෂී ජින්පිං වගේ ට්සිං හුවා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගෙන තියෙනවා. වයඹදිග චීනයේ ගන්සූ පළාතේ පිටිසර දිළිඳු කෝරළයක ඇය උපත ලැබුවා.  කුඩා කාලයේ සිට වැඩි විය පත්වීමෙන් පසු කෝරළයෙන් බැහැරව බාහිර ලෝකය දැක ගැනීමට ඇයට ලැබුණේ අඩු අවස්ථා ගණනක්. එහෙත් සිය උපරිම උද්‍යෝගිමත් බව නිසා ඇයට ලොව විශිෂ්ට ට්සිං හුවා විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට හැකි වුණා. අධ්‍යාපනයෙන් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි යැයි තරයේම අවබෝධ කරගෙන  සිටින ඇය විශ්ව විද්‍යාලීය උපාධිය ලැබීමෙන් පසු, පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපනයට පෙර දිළිඳු ප්‍රදේශයකට පැමිණ අවුරුද්දක් ගුරු සේවයේ නිරත වී තිබුණා.

චීන තරුණයින්ගේ විශිෂ්ඨ ජීවගුණය_fororder_6

චීනයේ ෂින්ජියං උයිගුර් ප්‍රදේශයේ ඉපදුණු, උයිගුර් ජාතික තරුණයෙක් වන නීගමයිටී, රට පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගත් චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් නිවේදකයෙක්. දක්ෂ මෙන්ම හාස්‍යජනක ලෙස වැඩසටහන් ඉදිරිපත් කරන ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා. නව යුගයේ තරුණ තරුණියන්ට වැදගත්ම ජීවගුණය වන්නේ වගකීම භාර ගැනීමේ ධෛර්ය බව ඔහුගේ අදහසයි. නිවේදකයෙක් හැටියට නම්, අවම වශයෙන් කරුණු තුනකට අනුව හැසිරිය යුතු බව ඔහු පැවසුවා. ඒ තමයි, අන් අයගේ කතාවලට සැලකිලිමත්ව සවන් දිය යුතුයි. හදවතින්ම කතා බහ කළ යුතුයි. අවට ඉන්න සියළු අයට සැලකිල්ල දැක්විය යුතුයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන