චීන ජනාධිපතිවරයා තරුණ පරපුර දිරිමත් කළ ආකාරය
2021-04-30 19:10:24
Share with:

චීන ජනාධිපතිවරයා  තරුණ පරපුර දිරිමත් කළ ආකාරය_fororder_6d81800a19d8bc3ef04753332f99f916a9d34592

මැයි හතර වනදා චීනයේ තරුණයින්ගේ දිනයයි. ලෝක ප්‍රසිද්ධ ට්සිං හුවා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම දිනය සැමරීමට පෙර එම විශ්ව විද්‍යාලයට පැමිණ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා. තරුණ සිසුන්, සිය ඓතිහාසික වගකීම් අවබෝධ කර ගෙන ඉදිරියට යාමේ විශ්වාසයක් ගොඩනගා ගනිමින් ජාතික පුනර්ජීවනය භාර ගත හැකි නව පරපුරක් බවට පත් වීමට තැත් කළ යුතු බව ඔහු එම චාරිකාව තුළදී  පෙන්වා දුන්නා.

ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, තරුණකම, චීන කොමියුනිස්ට් පක්ෂයේ විශිෂ්ට ජානයක් ලෙස සැලකිය හැකියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික මහජන නියෝජිත සම්මේලනයට එක් වූ නියෝජිතයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 28කට අඩුයි. එතැන් සිට චීන කොමියුනිස්ට් පක්ෂය ලද සියළුම ජයග්‍රහණ තුළින් තරුණයින්ගේ උනන්දුව හා කැපවීම් ඉස්මතු වී තිබෙනවා. මෙම වසරේ පක්ෂයේ ශත සංවත්සරය නිමිත්තෙන් නවීකරණ සමාජවාදී රටක් ගොඩනැගීමේ නව ගමනක් ද ආරම්භ වී තිබෙනවා. පක්ෂයටත් රටටත් පෙරට වඩා‍ වැඩි ප්‍රවීණයින් අවශ්‍ය වෙනවා. මෙය තරුණයින්ට විශාල අවස්ථාවක් මෙන්‍ම ඔවුන් ජීවිතයේ මුහුණ දෙන අභියෝගයක් ද වෙනවා.

චීන ජනාධිපතිවරයා පෙන්වා දුන් පරිදිම, ‘ඉගෙන ගන්නා තරුණයින් ගත කරන්නේ ස්වර්ණමය කාල වකවානුවයි. අධ්‍යාපනය ලබා ගැනීම සිය ප්‍රමුඛම කාර්ය ලෙස සලකන්න ඕන. ඉගෙනීමේදී සිය අපේක්ෂාව නියම කර ගනිමින්, නිපුණතාවන් මගින් එය සම්පූර්ණ කළ යුතුයි. උද්‍යෝගිමත්ව ඉගෙනීම තුළින්, තරුණකමේ දිගු යාත්‍රාවට ශක්තිය එකතු කරවමු. නිපුණතාවන් හා හැකියාවන් වර්ධනය කර ගැනීම, තරුණකමෙන් ජීවිතය දිනා ගැනීමේ පෙළඹවීම ලෙසට සලකමු.’

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තරුණ පරපුර දිරිමත් කළේ එසේයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන