චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guang Xi Zhuang ස්වායත්තයේ Liu Zhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2021-04-27 12:13:22
Share with:

 

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guang Xi Zhuang ස්වායත්තයේ Liu Zhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක_fororder_b151f8198618367a0465241c77d2e3dcb11ce5a9

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guangxi Zhuang ස්වායත්තයේ  Liu Zhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙයි.

                ඊයේ (26) එම චාරිකාවේ නිරත චීන ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සීමාසහිත Guang Xi Liu Gong සමූහ සමාගම නිරීක්ෂණ කළේ ය. චීනයේ පළමු බැකෝ යන්ත්‍රය නිර්මාණය කළ එම සමූහ සමාගම ස්ථාපිත කරනු ලැබුවේ 1958 වසරේදී ය. චීනයේ ප්‍රබලතම යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගමක් වශයෙන් Guang Xi Liu Gong සමූහ සමාගම රටවල් හා ප්‍රදේශ 130ක් ආවරණය කරමින් ලොව පුරා නිෂ්පාදන කඳවුරු 20ක් ස්ථාපිත කර තිබේ. සමාගමේ ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදන තත්ත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයා එහිදී විමසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guang Xi Zhuang ස්වායත්තයේ Liu Zhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක_fororder_63d0f703918fa0ec872b8a4d7b3631e63c6ddb28

              ෂී ජින් පිං ජනාධිපතිවරයා Liu Zhou නගරයේ Luo Shi Fen සහල් පිටි නූඩ්ල්ස් පිළිබඳ පොකුරු නිෂ්පාදන ප්‍රදේශයට ගියේ ය. එහි නිෂ්පාදන තත්ත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයා සොයා බැලීය. මෑත වසරවල Liu Zhou නගරය මෙම ආහාර නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය වේගවත් කර ඇත. 2020 වසරේ පෙර ඇසුරුම් කරන ලද Luo Shi Fen සහල් පිටි නූඩ්ල්ස්වල අලෙවි ආදායම යුවාන් බිලියන 11 දක්වා ළඟා විය. ඉන් රැකියා අවස්ථා  ලක්ෂ 3ක් නිර්මාණය වී තිබේ. මෙම ආවේණික ප්‍රාදේශීය ආහාර නිෂ්පාදනය විශාල කර්මාන්තයක් බවට පත් වෙමින් තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන