චීන ජනාධිපතිවරයා ගුවංන්සි හි විමර්ශන චාරිකාවක
2021-04-26 11:23:08
Share with:

චීන ජනාධිපතිවරයා ගුවංන්සි හි විමර්ශන චාරිකාවක_fororder_习近平赴广西考察调研

ජනාධිපති ෂී ජින් පිං මහතා ගුවංන්සි හි විමර්ශන චාරිකාවක නිරත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් හා ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (25 )පෙරවරුවේ, ගුවැංසි හි ගුවෙයිලින් නගරයේ Quanzhou කෝරළයේ  Caiwan උප නගරයේ පිහිටි, රතු හමුදාවේ  ෂියංජියං යුද අනුස්මරණ උද්‍යානයට පැමිණ, එහිදී දිවි පිදූ රතු හමුදා විරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය.

ෂියංජියං යුද්ධය චීන විප්ලවයේ තීරණාත්මක වැදගත්‍ ඓතිහාසික සිදුවීමකි. 1934 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 දක්වා මධ්‍යම රතු හමුදාව එකල ආණ්ඩු පක්‍ෂය වන Guomindang පක්ෂයේ  හමුදාව සමඟ දවස් පහක් පුරා සටනක් සිදු කළ අතර අවසානයේ අවහිරය සාර්ථකව බිඳ දමා ෂියංජියං ගඟ තරණය කළහ. ෂියංජියං යුද්ධය දිගු පා ගමනේ දරුණුතම සටන විය. මෙම සටනින් පසු මධ්‍යම රතු හමුදාවේ භට සංඛ්‍යාව 86000 සිට 30000 දක්වා තියුනු ලෙස අඩු විය.

දිවි පිදූ ෂියංජියං රතු හමුදා යුද විරුවන්, ෂී ජින් පිං මහතා විසින් නැවත නැවතත් සිහිපත් කර තිබේ. දිවි පිදූවන්ගේ දේහයන් ආරක්ෂා කරන ලෙසත්, සමරු පහසුකම් සැලසුම් සහගතව ඉදි කළ යුතු බවත් හෙතෙම උපදෙස් ලබා දී තිබේ. 2019 සැප්තැම්බර් මාසයේදී රතු හමුදාවේ  ෂියංජියං යුද අනුස්මරණ උද්‍යානය නිල වශයෙන් විවෘත කරන ලදී.

රතු හමුදාවේ අනුස්මරණ ශාලාව නරඹා දිවි පිදූ විප්ලවවාදීන් සිහිපත් කිරීමෙන් පසුව ෂී ජින්පිං මහතා ග්‍රාමීය පුනර්ජීවනය සහ බිම් මට්ටමේ පාලනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා Caiwan උප නගරයේ Maozhushan ගම්මානයට පැමිණියේය. එදින පස්වරුවේ  හෙතෙම ලිජියං ගඟේ පරිපූර්ණ කළමනාකරණය සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳව නිරීක්ෂණය කිරීමට ලිජියාං ගඟේ යාංෂ්වෝ  කොටසේ  චාරිකා කළේය .

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන