ජනතාව වෙනුවෙන් පක්ෂයට සහ රජයට ඇත්තේ සමාන වගකීමක්
2021-04-10 16:12:44
Share with:

ජනතාව වෙනුවෙන් පක්ෂයට සහ රජයට ඇත්තේ සමාන වගකීමක්_fororder_QQ图片20210410160502

සංශෝධිත "ධාන්‍ය සංසරණ පරිපාලනය පිළිබඳ රෙගුලාසි" 2021 අප්‍රේල් 15 දින සිට ක්‍රියාත්මක වනු ඇතැයි චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය පසුගිය 8වැනිදා පැවති සමුළුවකදී තීරණය කළේය. ඉන් "ධාන්‍ය සුරක්ෂිතතාව සඳහා පක්ෂය සහ රජය එකම වගකීම ක්‍රියාත්මක කළ යුතුය" යන්න ප්‍රථම වතාවට පරිපාලන රෙගුලාසි වල පැහැදිලිව දක්වා ඇත.

ධාන්‍ය සුරක්ෂිතතාව සමාජයේ ස්ථාවරත්වය, ජනතාවගේ සෞඛ්‍යය සහ රටේ පදනම සමඟ සම්බන්ධ වේ. චීන කොමියුනිස්ට් පක්ෂය සෑම විටම ජනතා‍වගේ ආහාර පිළිබඳ ගැටලුව විසඳීම, රට පාලනය කිරීමේ සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ මූලික කාර්යය ලෙස සලකයි. “අතේ ධාන්‍ය තිබුනොත් හදවත කලබල නොවනවා.” කියා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය. චීනයේ “14 වන පස් අවුරුදු සැලසුම්” ක්‍රියාත්මක වන කාලය තුළ, ආණ්ඩුකාරවරයාගේ වගකීම් පද්ධතිය ඇගයීමට ධාන්‍ය සුරක්ෂිතතාව ඇතුළත් ව තිබේ. පක්ෂය සහ රට ධාන්‍ය සුරක්ෂිතතාවයට කෙ‍තරම් වැදගත්කමක් දක්වන්නේ ද යන්න එයින් පෙනී යයි.

වර්තමානයේ, චීනයේ ධාන්‍ය සුරක්ෂිතතා තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු වන නමුත් ජාතික ධාන්‍ය සුරක්ෂිතතාව සහතික කිරීම සදාකාලික මාතෘකාවක් වන අතර එය කිසි විටෙක සැහැල්ලුවට නොගත යුතුය.

“සෑම මට්ටමකම ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ කමිටු සහ රජයන් ධාන්‍ය සුරක්ෂිතතාව පිළිබඳ දේශපාලන වගකීම භාර ගත යුතු අතර පක්ෂය සහ රජය එකම වගකීම ක්‍රියාත්මක කළ යුතුය. ‘සහල් මල්ල’ සඳහා පළාත් ආණ්ඩුකාරවරයා වගකිව යුතු අතර පක්ෂ කමිටු ලේකම්වරයා ද වගකිව යුතුයි.” යැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ඕනෑම කලාපයක ධාන්‍ය සුරක්ෂිතතා ගැටලු සහ ධාන්‍ය සුරක්ෂිතතා අවදානම් ඇති වන විට, පක්ෂයේ සහ රජයේ ප්‍රධාන නායකයින් වගකිව යුතුය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීනය අඛණ්ඩව උත්සාහ දැරීමෙන්, ඉතා දුර්වල කෘෂිකාර්මික පදනමක් සහ ජනතාවගේ අතිශය දුප්පත් ජීවිත මත පදනම්ව, ධාන්‍ය ස්වයංපෝෂිත භාවය මූලිකව අත්පත් කර ගෙන ඇත. චීනය බිලියන 1.4 කට ආසන්න ජනතාවගේ ආහාර ගැටලුව සාර්ථකව විසඳා ගෙන තිබේ. එපමණක් නොව, ජනතාවගේ ජීවන තත්ත්වය සහ පෝෂණ මට්ටම කැපී පෙනෙන ලෙස වැඩිදියුණු කර ඇත.

“සහල් මල්ල” සෑම චීන ජාතිකයෙකුගේම අත්‍යවශ්‍ය අවශ්‍යතා හා සම්බන්ධ වේ. වඩා හොඳ ජීවිතයක් සඳහා ජනතාවගේ ආශාව තම ඉලක්කය ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය සෑම විටම සලකයි.

ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම, ධාන්‍ය කර්මාන්තයේ අධි ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ධාන්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට රටේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව කැප වී සිටී. ජනතාව උත්තරීතර වන අතර ධාන්‍ය සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය කැපවී සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන