ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ඵලදායී යැයි ඇමරිකාව කියයි
2021-04-10 16:40:55
Share with:

ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ඵලදායී බව පවසන ඇමරිකාව මීළඟ සතියේ සාකච්ඡාවලදී ඉරානයෙන් වඩාත් අර්ථවත් ආකල්පක් ‍අපේක්ෂා කරන බව සඳහන් කරයි. ඇමරිකාව හා ඉරානය අතර න්‍යෂ්ටික ගිවිසුම සමාලෝචනය පිළිබඳ සෘජු නොවන සාකච්ඡා පැවැත්විණ. එය මූලික පියවරක් වුවත් ඵලදායී සහ ප්‍රායෝගික බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු  නිලධාරියෙක් පැවසීය.

ඒ අතරම, ඇමරිකාව පෙන්නුම් කළ ගිවිසුම වෙත පැමිණීමේ අභිප්‍රාය ඉරානය සතුව ද ඇත්ද යන්න තවමත් ප්‍රශ්නයක් යැයි එම නිලධාරියා කීය.

න්‍යෂ්ටික ගිවිසුමට පටහැනි සම්බාධක ඉවත් කිරීමට වොෂින්ටනය සූදානම් බව ද  හෙතෙම අවධාරණය කළේය.

එය සියළුම සම්බාධක නොවන අතර ඇතැම් නීත්‍යානුකූල සම්බාධක ඒ අතර වන බව ද ඇමරිකා නිලධාරියා සඳහන් කරයි. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන