අ.පො.ස. උසස් පෙළ විභාගයට දින නියම කෙරේ
2021-04-10 17:17:06
Share with:

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝබර් 04වන දින සිට ඔක්තෝබර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ දී මාධ්‍ය අමතමිනි.

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03වන ඉරිදා දිනත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන