චීනයේ නව සමාජවාදී ගමනට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ දර්ශනය අතිශයින් වැදගත් වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු මෙන්ම‍ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා පවසයි
2021-04-09 13:26:41
Share with:

චීනයේ නව සමාජවාදී ගමනට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ දර්ශනය අතිශයින් වැදගත් වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු මෙන්ම‍ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා පවසයි_fororder_Saman Athaudahetti

චීන අනන්‍යතාවක් සහිත සමාජවාදයක් සකස් කර ගැනීමේ ව්‍යායාමයේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ දර්ශනය අතිශයින් වැදගත් වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු මෙන්ම‍ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා පවසයි. සමාජවාදී න්‍යායන්හී පදනම මත ප්‍රතිසංස්කරණ සඳහා වූ ප්‍රායෝගික ප්‍රවේශයක් මගින් සංවර්ධනය සඳහා නව පිළිවෙතක් සකසා ගැනීම චීනය සිදු කර ඇති සුවිශේෂී ක්‍රියාවක් බවද හෙතෙම කියා සිටී. බොහෝ පරිවරත්නයන් ගෙන් පසුවද චීන කොමිනියුස්ට් පක්ෂයට ජනතා විශ්වාසය දිනා ගැනීමට හැකිව ඇත්තේ පක්ෂයේ න්‍යාය, දිශානතිය , ප්‍රතිපත්ති හා මූලධර්ම පමණක් නිසා නොව වරදක් දුටුවිට එය නිවැරදි කිරීමේ ශක්තිය හා අධිෂ්ඨානය චීන කොමිනියුස්ට් පක්ෂය සතුවීම හේතුවෙන් බව හෙතෙම පවසයි. එය විශේෂයෙන්ම ආසියානු දේශපාලන පක්ෂ තුළ නොමැති සුවිශේෂී ලක්ෂණයකි.එම ජීව ගුණය චීනය ලොව බලවතෙකු දක්වා ඉදිරියට පැමිණීමට බලපෑ බවද සමන් අතාවුදහෙට්ටි මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන