චීන -රුසියා දේශසීමා මායිම් ආසන්න කලාපයේ පිහිටි විද්‍යාගාරවල ඇමරිකාව රසායනික අවි ආයුධ සංවර්ධනය කරන බව රුසියාව පවසයි.
2021-04-09 19:12:49
Share with:

චීන -රුසියා දේශසීමා මායිම් ආසන්න කලාපයේ පිහිටි විද්‍යාගාරවල  ඇමරිකාව රසායනික අවි ආයුධ සංවර්ධනය කරන බව රුසියාව පවසයි._fororder_QQ截图20210409191210

රුසියානු Sputnik ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(8) මේ බව වාර්තා කළේය. එම වාර්තාවට අනුව, ඇමරිකාව චීන -රුසියා දේශසීමා මායිම් ආසන්න කලාපයේ පිහිටි ඇමරිකාව පාලනය කරන විද්‍යාගාරවල දී රසායනික අවි ආයුධ සංවර්ධනය කරන බව රුසියානු පෙඩරල් ආරක්ෂක රැස්වීම විශ්වාස කරන්නේ යැයි එම ආයතනයේ ලේකම්වරයා පැවසීය. අදාළ විද්‍යාගාර, සාමකාමි වසංගතය වැළැක්වීමේ සෞඛ්‍ය මධ්‍යස්ථාන බව ඇමරිකාව රුසියාවට හා චීනයට පැහැදිලි  කර ඇත. එහෙත් අදාළ විද්‍යාගාරවල ඇමරිකාවේ වසර දස ගණනාවක් කාලයේ තුළ ජෛව විද්‍යා අවි පර්යේෂණ කරන Fort Detrick මධ්‍යස්ථානය හා ඉතා සමාන බව ලේකම්වරයා පැවසීය. එමෙන්ම, අදාළ විද්‍යාගාර  ආසන්න ප්‍රදේශයේ අහේතුක රෝග මතු වී තිබීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන