ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වෙයි
2021-04-09 18:24:24
Share with:

ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වෙයි_fororder_corona

ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙරට තුළ පවතින කොවිඩ් වෛරසයේ ජාන ප්‍රභේද සම්බන්ධයෙන් මාර්තු මාසයට අදාළව සිදුකරන ලද පරීක්ෂණ හරහා මේ බව තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකුගේ සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 36 දෙනෙකුම ශ්‍රී ලංකාවට ආවේනික B.1.411 වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයින් බව තහවුරු වී ඇත.

ඒ අනුව B.117 එංගලන්ත ප්‍රභේදය සහිත ආසාදිතයින් 7 දෙනෙක්, B.1.351 නමින් හඳුන්වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය සහිත දෙදෙනෙක් හා ඩෙන්මාකයේ ඇති වෛරස් ප්‍රභේදය සහිත තිදෙනෙකු මෙම පරීක්ෂණය මගින් හඳුනා ගෙන ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන