චීනය ‘ ඇමරිකාව නිකුත් කළ ආක්‍රමණ යුද්ධ ප්‍රබල මානුෂවාදී විපත් ඇති කර තිබීම ’ යන ලිපිය පළ කරයි
2021-04-09 12:42:58
Share with:

‘ ඇමරිකාව ක්‍රියාත්මක කළ ආක්‍රමණ යුද්ධ ප්‍රබල මානුෂවාදී විපත් ඇති කර තිබීම ’ යන ලිපිය චීන මානව හිමිකම් පර්යේෂණ ආයතනය පළ කරයි.

අද(09) පළ කරනු ලැබූ එම ලිපියට අනුව, ඇමරිකාව ‘ මානුෂවාදී මැදිහත්වීම ’ මුවාවෙන් විදේශ රටවලට එරෙහිව යුද්ධ ඇති කිරීමේ පිළිකුල් සහගත ක්‍රියාවන් අනාවරණය කර ඇත. එවැනි යුද්ධ, හමුදා භටයන් විශාල පිරිසකට සිය දිවි අහිමි කිරීමට හේතු වූවා පමණක් නොව, සාමාන්‍ය ජනතාවට මරණ, තුවාල හා දේපළ හානි දැඩි ලෙස ගෙන දී ඇති බව ද එම ලිපියේ සඳහන් වෙයි.

සම්පූර්ණ නොවන සංඛ්‍යාලේඛණයකට අනුව, 2වැනි ලෝක යුද්ධය නිමාවට පත් වීමෙන් පසු කාලයේ සිට 2001 වසර දක්වා, ලෝකයේ  රටවල් හා  කලාප 153ක හට ගත් සන්නද්ධ ගැටුම් 248ක් අතරින්, ඇමරිකාව විසින් සිදු කරනු ලැබු සංඛ්‍යාව 201කි.

යුදමය ක්‍රියාවන් හේතුවෙන් මතුව ඇති මානුෂවාදී අර්බුදයේ ප්‍රභවය වනුයේ ඇමරිකාවේ දාමරිකකම ය. මානුෂවාදී විපත් වැළැක්විය හැක්කේ එවැනි දාමරිකකම් චින්තනය පූර්ණ වශයෙන් ඉවත් කිරීමෙන් පමණි. එමගින් ලෝකයාට සැබවින් ම විවිධ මූලික මානව හිමිකම් අත් විඳීමට හැකි වනු ඇති බව ද එම ලිපිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන