ස්වකීය හැකියාවන්ට අනුකූලව ලෝක වෙළඳ සංවිධානයට දායක වීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි
2021-04-09 12:47:19
Share with:

ස්වකීය හැකියාවන්ට අනුකූලව ලෝක වෙළඳ සංවිධානයට දායක වීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි_fororder_7a25ad4f0abd4a4faf41ad43dc1f61a5

අයිතිවාසිකම් හා යුතුකම් සමතුලිත කිරීමේ මූලධර්මයට අනුව ස්වකීය හැකියාවන්ට අනුකූලව ලෝක වෙළඳ සංවිධානයට දායක වීමට තමා කැමැත්තෙන් සිටින බව චීනය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක ගෞ ෆෙං මහතා ඊයේ (8) ලෝක වෙළඳ සංවිධානයේ සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයෙකු ලෙස චීනයේ තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් වීමෙන් පසු සිය ප්‍රවේශ වීමේ පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු කර ඇති චීනය, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ස්ථීර ලෙස තහවුරු කරමින් ඒකපාර්ශ්වවාදයට හා ආරක්ෂණවාදයට විරුද්ධ වන බව ගෞ ෆෙං මහතා පෙන්වා දුන්නේය.

බාහිර පරිසරය කෙතරම් වෙනස් වුවද, චීනය සෑම විටම සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයන් සමඟ සිටිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇති අතර තමාගේ හැකියාවට අනුකූල දායකත්වයන් වඩා වැඩියෙන් ලබා දෙනු ඇතැයි ද ගෞ ෆෙං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන