සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නගන බව ජනපති පවසයි
2021-04-08 19:29:24
Share with:

සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නගන බව ජනපති පවසයි_fororder_1595252325-Gotabaya_L

රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවය.

දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ගම සමඟ පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවල දී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුව අත්දැකීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය පද්ධතියේ ජය ගත යුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනාගැනීමට හැකි වූ බවය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන