වසරකට පෙර වසංගත පාලනයෙන් ලොවට අත්දැකීම් කියා දුන් වූහාන්
2021-04-08 19:17:56
Share with:

වසරකට පෙර වසංගත පාලනයෙන් ලොවට අත්දැකීම් කියා දුන් වූහාන්_fororder_4b90f603738da977d306eadac344a9118618e330

අද(8)ට වසරකට පෙර එනම් 2020 අප්‍රේල් මස අට වනදා, දින 76ක පූර්ණ සංචරණ ‍සීමාවන්ගෙන් අනතුරුව වූහාන් නගරයේ ආර්ථික සමාජයීය සංවර්ධනය යළි පණ ගැන්විණ. එම වසරේ දී වූහාන් නගරය වසංගත බලපෑමේ දුෂ්කරතා මඟ හැර චීනයේ බලවත්ම ආර්ථික නගර දහයට ඇතුළත් වීම සැලකිය යුතු ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ගෙවී ගිය වසරක් තුළ වූහාන් නගරයේ ආර්ථිකය වේගවත් ව පුනරුත්ථාපනය විය. චීන රජය  එම නගරය  පූර්ණ සංචරණ සීමාවකට ලක් කිරීම කාලෝචිත හා බුද්ධිමත් තීරණයක් බවට සනාථ වී තිබේ. The Lancet සඟරාවේ ප්‍රධාන සංස්කාරක Richard Horton කී අන්දමට, වූහාන්හී පූර්ණ සංචරණ සීමා පැනවීම ලෝකයට වසංගතයට මුහුණ දීම සඳහා අවස්ථා සලසා දී තිබේ. එපමණක් නොව, වසංගතයේ හදිසි තර්ජනයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව එමගින් සෙසු රටවලට අවබෝධයක් ලබා ගැනීමට උපකාරී විය.

වූහාන් වල තත්ත්වය, ලෝකය චීනය නිරීක්ෂණය කිරීමේ කවුළුවක් බවට පත් විය. චීනයේ වසංගත පාලනය, ආර්ථික පුනර්ජීවනය මෙන්ම ගෝලීය වසංගත පාලනය හා ආර්ථිකයට චීනය දැක්වූ දැවැන්ත ප්‍රයත්න ද ඉන් දැකිය හැකිය.

මේ වන විට චීනය සෙසු රටවලට මුඛ ආවරණ බිලියන 220ක් සපයා දී තිබේ. 150කට වැඩි රටවල් හා ජගත් සංවිධාන 10කට වසංගත සහාය ලබා දී තිබේ. 80කට වැඩි රටවල් හා ජගත් සංවිධාන තුනකට චීනයෙන් එන්නත් ආධාරය ලැබිණ.

මේ අතරම චීන රජය ක්‍රියාත්මක කරන නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් හා චීන ජනතාවගේ උපරිම උත්සාහය යටතේ වසර 2020 චීනයේ ආර්ථික ධාරිතාව යුවාන් ට්‍රිලියන සියය ඉක්මවා ගියේය. එම වසරේ ධනාත්මක වර්ධනය දිනා ගැනීමට හැකි වූ එකම ප්‍රධාන ආර්ථික ස්වභාවය බවට චීනය පත් විය. වසර 2021 ගෝලීය ආර්ථිකය සියයට හයකින් වැඩි වනු ඇති අතර චීනයේ ආර්ථික වර්ධනය සියයට 8.4ක් වනු ඇතැයි මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර තිබේ. එම අණාවැකි දෙකම පෙර පළ වූ තක්සේරුවන් අභිබවා ‍‍ගොස් ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන