සින්ජ්‍යං හි කපු කර්මාන්තයට පීඩා එල්ල කරන දේශපාලනඥයන් ගේ ආධිපත්‍ය මානසිකත්වය
2021-03-31 10:59:26
Share with:

මේ දින වල, ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් චීනයේ සින්ජ්‍යං කපු කර්මාන්තයට එරෙහිව දැඩි පීඩා එල්ල කිරීමේ හාස්‍යජනක ක්‍රියාවක නිරත වෙමින් සිටී. ‘ බලහත්කාරී ශ්‍රම භාවිතය ’ යන අසත්‍ය මත පදනම් ව ඇතැම් යුරෝපීය හා ඇමරිකානු ව්‍යවසායයන් ප්‍රකාශ කර ඇත්තේ, සින්ජ්‍යං හි නිපදවන කපු  භාවිතයට නොගන්නා බවයි.

එවැනි ව්‍යවසායයන් එම තීරණය ගෙන ඇත්තේ BCI සංගමයේ විනිශ්චය මත බව සඳහන් වෙයි. BCI සංගමය මතුපිටින් බැලීමේ දී රාජ්‍ය‍ නොවන සංවිධානයක් වුව ද එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඒජින්සිය විසිනි. මෙය ඇමරිකාව වෙනත් රටවල් කෙරෙහි සිය සැළසුම් ක්‍රියාත්මක කරන වැදගත් ආයතනයකි. චීනයේ ශාංහැයි හි එම ආයතනයේ කාර්යාලය විසින් ‘ සින්ජ්‍යං හි ව්‍යාපෘති ස්ථාන වල ‘ බලහත්කාරී ශ්‍රම භාවිතයන් ’ කිසිසේත් ම සොයා ගෙන නොමැත ’ යන ස්ථානීය  විමර්ෂණ ප්‍රතිඵල ’ ඉදිරිපත් කරනු ලැබුව ද ඒවා පිළි ගැනීමට ලක් නොවිණ.

චීනයේ සින්ජ්‍යං උයිගුර් ස්වායත්තය බොහෝ කලකට පෙර, අධි යාන්ත්‍රිකකරණයෙන් යුතුව කපු නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. 2020 වසරේ, යාන්ත්‍රිකකරණය මගින් එහි කපු නෙළීමේ ප්‍රතිශතය 70%කට ළඟා වී ඇත. කපු කර්මාන්තය සින්ජ්‍යං හි උයිගුර් ජාතිකයින්ගේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වී තිබේ.

සින්ජ්‍යං හි අදාළ ගැටළු ස්වභාවය, බෙදුම්වාද විරෝධී හා ත්‍රස්තවාද විරෝධී ගැටළු මිස, මානව හිමිකම් හා සම්බන්ධ නොවේ.  සින්ජ්‍යං හි කපු කර්මාන්තයට පීඩා එල්ල කරන ඇමරිකාවේ හා බටහිර රටවල දේශපාලනඥයන් ආධිපත්‍ය මානසිකත්වයෙන් පසු වෙනවා හැර මානව හිමිකම් සැලකීමට ගෙන නොමැති බව පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන