කොරොනා වෛරසය පරීක්ෂණාගාර කාන්දු වීමකින් පැතිර යා නොහැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රටවල් 10ක විශේෂඥයෝ තහවුරු කරති
2021-03-31 21:18:35
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණ වාර්තාවක් ඊයේ (30) නිකුත් ‍කළේ ය. චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ පදනම් වන එම වාර්තාව පෙන්වා දෙන්නේ, කොරොනා වෛරසය පරීක්ෂණාගාර කාන්දු වීමකින් පැතිර යා නොහැකි බවයි.

පසුගිය ජනවාරි මස 14වැනි දා සිට පෙබරවාරි මස 10වැනි දා දක්වා කාලය තුළ ‍, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රටවල් 10ක විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් චීනයේ වු හැන් වෛරස පර්යේෂණායතනය ඇතුළු ආයතන 9ක් නිරීක්ෂණ කර ඇත. මීට අමතරව එම විශේෂඥ කණ්ඩායම චීන වෛද්‍ය සේවකයන්, විද්‍යා පර්යේෂකයන්, වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සහ සාමාන්‍ය වැසියන් ඇතුළු පිරිස් සමග සාකච්ඡා පවත්වා තිබේ. එම නිරීක්ෂණ කටයුතුවලදී චීනය ඉතා විවෘත ව කටයුතු කළ බවත්, වු හැන් නගරයෙන් ලද පර්යේෂණ ප්‍රතිඵල අපේක්ෂා ඉක්මවා යාමක් බවත් එම විශේෂඥයන් පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය එම වාර්තාව නිකුත් කිරීමට පෙර ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් චීනයට එරෙහිව කටයුතු කරන්නැයි, එම සංවිධානයට පීඩනය එල්ල කර තිබේ. එම වාර්තාව නිකුත් වීමෙන් පසු එම බටහිර රටවල් ඒකාබද්ධ ව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එම වාර්තාව විශ්වාස කළ නොහැකි බවයි.

කොරොනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාව පදනම් වන ගෝලීය කාර්යයකි. ඊට අවශ්‍ය වන්නේ කාලය මිස කිසිදු පදනමක් නොමැති ඊනියා නිගමන නොවේ. බරපතලම කොරොනා වසංගතය පවතින රට වශයෙන් ඇමරිකාවට එම කාර්යය වෙනුවෙන් දායක විය හැකි නම් මැනවි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන