විදේශීය මාධ්‍ය චීනයට වෛර කරනවා ද? මේ පිළිබඳව බ්‍රිතාන්‍යයන් සත්‍යය පළ කර තිබේ
2021-03-05 16:39:37
Share with:

බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත ඊයේ(4) BBC පළ කළ අසත්‍ය ප්‍රවෘත්තිවලට සහාය පළ කර තිබේ.

මේ පිළිබඳ විදේශීය අන්තර්ජාල භාවිතා කරන්නන් චෝදනා කළේ, The Guardian පුවත් BBC මෙන්ම දූෂිත වන බවයි.

සමහර අන්තර්ජාල භාවිතා කරන්නන් සෘජු ව සත්‍යය හෙළි කළේ, BBC Zheng Guoen නමැති තැනැත්තෙක් වෙත මුදල් දීමෙන්, ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරවා ගෙන බවයි.

සැබෑ නම Adrian Zenz වන Zheng Guoen නැමැත්තා, බටහිර මාධ්‍ය විසින් "චීනයේ ටිබෙ‍ට් ස්වායත්තයේ සහ ෂින් ජියාං උයිගුර් ස්වායත්තයෙහි සුළු ජාතීන් පිළිබඳ බටහිර බලයලත් විශේෂඥයා" ලෙස හැඳින්වේ. විශාරදයකු ලෙස හඳුන්වා ගත්ත ද ඔහු, දේව ඉගැනුම් ආයතනයකින් උපාධි ලැබූ අද්භූත චරිතයකි.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත්තේ, BBC ආයතනය තමාගේ පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනය කර ඇති බවයි.

චීන විරෝධී වාර්තා The Guardian පුවත් විසින් ජාත්‍යන්තර සමාජ මාධ්‍යවලට පළ කිරීමෙන් පසු, ඊට ලැබුණු 200ක පමණ ප්‍රතිචාර අතරින්, අතිමහත් බහුතරය චීන රජයේ ස්ථාවරයට සහාය දක්වයි.

James නැමති අන්තර්ජාල භාවිතා කරන්නා පැවසුවේ, චීනයේ පාලක පක්ෂය ගැන BBC විසින් මඩ ගැසීම දශක ගණනාවක් තිස්සේ සිදුවී ඇති බවයි.

Jonathan නැමති අන්තර්ජාල භාවිතා කරන්නා පෙන්වා දුන්නේ, BBC චීනය හා සම්බන්ධව පළ කළ වාර්තා පිළිකුල් සහගත වන අතර, මෙය බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ අදාළ පුද්ගලයන් විසින් අධ්‍යක්ෂණය කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔවුන්ගේ සාක්ෂි ප්‍රභවයන් ප්‍රමාණවත් නොවන අතර, ඔවුන් සැමවිටම විශ්වාස කළ නොහැකි හෝඩුවාවන් මත අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන බව, Jonathan සඳහන් කළේ ය.

ROBIN නැමති අන්තර්ජාල භාවිතා කරන්නා පැවසුවේ, තමා BBC සංදර්ශන තවදුරටත් නරඹන්නේ නැති අතර, තමා තවදුරටත් රූපවාහිනී බදු නොගෙවන බවයි. විශේෂයෙන් ම BBC ප්‍රවෘත්ති නාලිකාවල, සමහර සත්කාරකයන් ඒකාධිපතියන්ට සමාන වන බව ද, ඔහු සඳහන් කළේ ය. 

GATOMEDIANOCHE නැමති අන්තර්ජාල භාවිතා කරන්නා පෙන්වා දුන්නේ, BBC කර ඇති දේවල්වලින් සිය විශ්වාසනීයත්වය නොමැති බව ඔප්පු වී ඇති අතර, චීනය හෝ වෙනත් පාර්ශ්වයන් හිතාමතාම අපකීර්තියට පත් කිරීම BBC ට අවශ්‍ය නොවන  බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන