චීනයේ ධාන්‍ය සුරක්ෂිතතාවය සහතික කළ හැකි බව විශ්වාස කෙරේ.
2021-03-05 20:37:51
Share with:

චීනයේ ධාන්‍ය සුරක්ෂිතතාවය සහතික කළ හැකි බව විශ්වාස කෙරේ.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද (05) බෙයිජිංහිදී ආරම්භ විය. ආරම්භක උත්සවයෙන් පසු චීන කෘෂි ආමාත්‍ය Tang Renjian මහතා ප්‍රකාශ කළේ, ගත වූ වසර 17ක කාලය තුළ චීනයේ ධාන්‍ය සුරක්ෂිතතාව අඛණ්ඩව ඉහළ තත්ත්වයක පවතින බවයි. එමෙන්ම, ගත වූ වසර 6ක කාලය තුළ චීනයේ වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය  කිලෝගෑම් බිලියන 650 කට වැඩි වූ අතර දැනට චීනයේ ඒක පුද්ගල ධාන්‍ය ප්‍රමාණය කිලෝගෑම් 474කි. චීනයේ ධාන්‍ය සුරක්ෂිතතාවය සහතික කළ හැකි බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර 10ක පමණ කාල සීමාව තුළ අදාළ අංශ සමඟ චීන කෘෂිකාර්මික අමාත්‍යංශය බීජ සම්පත්, වැදගත් තාක්ෂණ නවොත්පාදනය යන ප්‍රශ්න විසඳා ගනු ඇතැයිද චීන කෘෂි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන