මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ.
2021-03-05 16:42:28
Share with:

图片默认标题_fororder_kerawalapitiya-power-station

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ආරම්භ විය.කෙරවලපිටියේ ඉදිවන මෙම සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය මෙගාවොට් 350 ධාරිතාවයකින් යුක්තය.

මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාරය වසර 03ක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිතය. එහිදී වාෂ්ප බලයෙන් එක් ටර්බයිනයක් ක්‍රියාත්මක වන අතර එහිදී ජනනයවන ශක්තිය හරහා තවත් ටර්බයිනයක් ක්‍රියාත්මක කරවීම සිදුවේ. පළමු අදියර යටතේ ගෑස් ටර්බයිනය ස්ථාපනය කෙරෙන අතර ඒ හරහා මෙගාවොට් 220 ක විදුලි බලයක් ජනනය කෙරේ.දෙවන අදියරේදී වාෂ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. මෙම නව බලාගාරය අවම පරිසර හානියකින් යුතුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන