චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිය ඇරඹේ
2021-03-04 16:14:28
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිය ඇරඹේ_fororder_1127169382_16148680736431n

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිය අද(4) පස්වරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම සැසියට එක් වෙති.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති වං යං මහතා එම කමිටුවේ ස්ථාවර කොමිසම නියෝජනය කරමින් කාරක වාර්තාව ඉදිරිපත් කළේය. වසර 2020 චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වැඩකටයුතු සම්පිණ්ඩනය කරමින් මෙම වසරේ සැකසුම ද සිදු කෙරිණ.

දින හතක් පුරා පැවැත්වෙන සැසියට චීනයේ විවිධ පක්ෂවල කණ්ඩායම්, ජන වාර්ගිකයෝ සහ විවිධ පර්ෂදවල පුද්ගලයෝ 2100 දෙනෙක් පමණ සහභාගි වෙති. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාරක වාර්තාව හා යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් චීන උත්තරීතර බලාත්මක ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට එක් වීමට ද නියමිතය. ඔවුන් එහිදී ඉදිරිපත් කෙරෙන රාජ්‍ය කාරක වාර්තාවට සවන් දෙමින් එම වාර්තාව හා රටේ 14වන පස්අවුරුදු සැළැස්ම මෙන් ම ‘වසර 2035 ඉදිරි දැක්ම’ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිය ඇරඹේ

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන