ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර හමුවක්
2021-02-24 15:57:46
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන් හොං මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙයි.

චීනය COVID-19 එන්නත් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) පැවති එම හමුවේදී ප්‍රශංසා කළේය. චීනය සමඟ කොළඹ වරාය නගරය, මූල්‍ය මධ්‍යස්ථානය සහ හම්බන්තොට ටයර් කම්හල යනාදී වැදගත් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී පැවසීය. චීනයේ අනුබල යටතේ ස්ථාපිත කළ වකුගඩු රෝහල රටේ ජනතාවට ඉහළ සේවයක් ලබා දෙනු ඇතැයි හෙතෙම අපේක්ෂා කරයි.

හමුවේදී, තානාපති චී ජෙන් හොං මහතා දෙරටේ එන්නත් සහ ආර්ථික ව්‍යාපෘති ඇතුළු සහයෝගවල නවතම තත්ත්වය දැනුවත් කළ අතර, එම වකුගඩු රෝහල භාර දෙන උත්සවයට සහභාගි වීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා එම ආරාධනය  පිළිගෙන ති‍බේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන