ඉහළ ආදායම් ලබන රටවල එන්නත් ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව මගින් COVAX වැඩසටහන අඩපණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (22 )පැවසුවේ, සමහර ඉහළ ආදායම් ලබන රටවල් සහ නව කොරොනා එන්නත් නිෂ්පාදකයින් අතර ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව මඟින් සංවිධානයේ “කොරොනා මර්දන එන්නත ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම”එනම් COVAX වැඩසටහන අඩපණ කර ඇති අතර එමඟින් ලබා ගත හැකි එන්නත් ප්‍රමාණය අඩු කර ඇති බවයි.
ඉහළ ආදායම් ලබන රටවල් ඇතුළු සියලුම රටවල් වහාම එන්නත බෙදා ගන්නා ලෙසත්, COVAX වැඩසටහන සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසත් , එන්නත් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි කරන ලෙසත්, අධ්යක්ෂ ජනරාල්වරයා එන්නත් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය.
එන්නත් සමානව බෙදා හැරීමේ වර්තමාන “ප්‍රමුඛතාවය” සාක්ෂාත් කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල්කරුවන් උපරීම ලෙස උත්සාහ ගනු ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා නැවතත් අවධාරණය කළේය.