කිසිදු අයුරකින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, ආධිපත්‍යය හා ප්‍රසාරණය සිදු නොකරන චීනය
2021-01-28 19:39:25
Share with:

“චීනය කවර ආකාරයෙන් ද සංවර්ධනය කරන්නේ ? සංවර්ධනය කිරීමෙන් පසු චීනය කවරාකාරයේ රටක් ද ? මේ ප්‍රශ්න දෙක කෙරෙහි ජගත් ප්‍රජාවේ විවිධ ප්‍රකාශ පළ කර තිබෙනවා. ඇතැම් රටවල් චීනය කෙරෙහි පූර්ණ ලෙස ප්‍රසාදය පළ කරනවා. ඇතැම් රටවල් චීනය කෙරෙහි පූර්ණ විශ්වාස පළ කළා. ඇතැම් රටවල් චීනය ගැන කණස්සල්ල දක්වනවා. ඇතැම් රටවල් චීනයට අකැමැත්තෙන් සිටිනවා. එය ඉතා සාමාන්‍ය දෙයක්. බිලියන1.3 ක ජනගහනයක් සහිත විශාල රටක් ලෙස චීනය මිනිසුන් අතර සිටින යෝධයෙක් වගේ. ඒ යෝධයා කොහොම ද ඉදිරියට යන එක ගැන සෙසු අය අනිවාර්යයෙන්ම විමසිල්ලෙන් සිටිනවා. ඔහු තම මාර්ගයට බාධා කරනවා ද ? තම භූමිය අත්පත් කරනවා ද යන්න මිනිස්සු කල්පනා කරනවා. ”

2014 වසරේ නොවැම්බර් මස 17 වැනිදා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී ෂී ජින් පිං මහතා කළ දේශනයේ දී එවැනි කතාව කරමින් ජගත් ප්‍රජාව චීනය කෙරෙහි දැක්වූ විවිධ සැක කෙරෙහි සෘජුවම ප්‍රතිචාර දැක්වූවා. සාමකාමී සංවර්ධන මාර්ගය චීන ජනතාව ස්ථිර ලෙස අනුගමනය කරනවා. ලෝකයේ ඒ ඒ රටවල් ද එම මාර්ගය අනුගමනය කරනු ඇතැයි චීනය අවංකවම අපේක්ෂා කරනවා. ඒ ඒ රටවල් සමඟ සාමයට තර්ජනය කිරීම හා විනාශ කිරීමේ විවිධ සාධකයන්ට පොදුවේ මුහුණ දෙමින් සදාකාලීන සාමය හා පොදු සමෘද්ධිය සහිත සුසංගත ලෝකයක් ගොඩනැගීමට චීන ජනතාව අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළා.

එහෙත් එවැනි අදහස, ෂී ජින් පිං මහතා බාහිර ලෝකයට පැහැදිලි කළ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. චීනය, ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථීක ඒකකය බවට පත්වීමෙන් පසු ඊනියා චීන තර්ජන කතාව දිනෙන් දින උණුසුම් වී තිබෙනවා. වැරදි අවබෝධය හා පක්ෂපාතීත්වය ඊට හේතු වුණා. ෂී ජින් පිං මහතා විවිධ අවස්ථාවලදී චීනය සාමකාමී සංවර්ධන මාර්ගය ස්ථිර ලෙස අනුගමනය කිරීමේ දැඩි අධිෂ්ඨානය බාහිර ලෝකයට ප්‍රකාශ කළා.

2014 වසරේ මාර්තු මස 28 වැනිදා ජර්මනියේ Körber අරමුදලලේදී ෂී ජින් පිං මහතා චීනය සාමකාමී සංවර්ධන මාර්ගය ස්ථිර ලෙස අනුගමනය කිරීම පිළිබඳ දේශනයක් ඉදිරිපත් කළා. චීන සංවර්ධන මාර්ගය  පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි පූර්ණ හා පද්ධතික ලෙස එහිදී විස්තර කෙරුණා. එම දේශනය මගින් චීනය ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඉවහල්වනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම පැවසුවා.   

ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ දිගු කාලීනව චීනය සාමකාමී විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි. චීනයේ විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය වන්නේ ලෝක සාමය සුරක්ෂිත කර පොදු සංවර්ධනය ශක්තිමත් කිරීමයි. ඕනෑම ආකාරයේ අධිපතිවාදය හා බලහත්කාරී දේශපාලනයට විරෝධය දක්වන බව විවිධ අවස්ථාවලදී චීනය විවෘතව ප්‍රකාශ කළා. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, ආධිපත්‍යය හා ප්‍රසාරණය චීනය කවදාවත් ක්‍රියාත්මක නොකරනු ඇති බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවා.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන