ශ්‍රී ලංකාවට චීනයෙන් කොවිඩ්-19 එන්නත් ලක්ෂ තුනක පරිත්‍යාගයක්
2021-01-27 19:04:30
Share with:

ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී  කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීනය COVID-19 වෛරසය සඳහා නිෂ්පාදනය කළ එන්නත් ලක්ෂ තුනක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. එම එන්නත් තොගය පෙබරවාරි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට භාරදීමට අපේක්ෂා කෙරේ.

චීන ජාතික ඖෂධ සමූහ සමාගම විසින් නිපදවා ඇති එන්නත එලෙස පරිත්‍යාග කෙරේ. සිනෝෆාර්ම් එන්නත දැනටමත් රටවල් කිහිපයක තුන්වන අදියරේ අත්හදා බැලීම් වලින් සමත් වී ඇති අතර එය COVID-19 ආසාදනය වැළැක්වීමේ 79-86% ක ඵලදායීතාවකින් යුක්තය. එසේම ප්‍රතිදේහ බලය 99.52 % කින් උදාසීන කිරීමට  මෙන්ම වෛරසය මධ්‍යස්ථ හා දරුණු තත්ත්වයට පත්වී‍මේ තත්ත්වයන් 100 %කින් වැළැක්වීමට ද  හැකියාව පවතී. මෙම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සර්බියාව, ඊජිප්තුව, බහරේනය, ජෝර්දානය, ඉරාකය, පාකිස්ථානය සහ චීනය වැනි රටවල මහජන භාවිතය සඳහා අනුමැතිය ලබා ගෙන ඇත. ජනවාරි 26 දින වන විට ලොව පුරා සිනෝෆාර්ම් එන්නත්  මිලියන 20 කට අධික ප්‍රමාණයක් ලබාදී ඇති අතර බරපතල අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා වී නොමැත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන