පළමු යුරෝපා සංචාරක පිරිස ශ්‍රී ලංකාවට
2021-01-23 16:18:09
Share with:

පළමු යුරෝපා සංචාරක පිරිස ශ්‍රී ලංකාවට_fororder_53

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමෙන් පසු පැමිණි මුල්ම යුරෝපීය සංචාරක කණ්ඩායම ලෙසින් දහදෙනකුගෙන් සමන්විත නෙදර්ලන්ත ජාතිකයන් පිරිසක් පෙරේදා (21) මෙරටට පැමිණියහ.

මේ පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ අතර ,යුක්ක්‍රේන සංචාරකයින් රැගත් 11 වන ගුවන් යානය දිවයිනට ළගා වී ඇත.සංචාරකයින් 104 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම යුක්ක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවාවට අයත් පී කිව් 555 දරණ ගුවන් යානයෙන් අද (23) අලුයම පැමිණ තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන