අවි අවම කිරීම පිළිබඳ උපායමාර්ගික ගිවිසුම දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන්, ඇමරිකාවට හා රුසියාවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රශංසාව
2021-01-23 19:20:04
Share with:

අවි අවම කිරීම පිළිබඳ උපායමාර්ගික ගිවිසුම හෙවත් නව START ගිවිසුමට පස් අවුරුදු දීර්ඝ කිරීමක් අපේක්ෂා කිරීමේ ඇමරිකානු තීරණය සහ එම යෝජනාවට රුසියාව දැක්වූ  ධනාත්මක ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා අගය කරයි.එම තීරණ සාදරයෙන් පිළිගන්නා බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් මහතා සඳහන් කර තිබේ.

වසර පහක දීර්ඝ කිරීම මගින් ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවල සත්‍යාපිත අගයන් පවත්වා ගැනීම පමණක් නොව, වඩාත් සංකීර්ණ ජාත්‍යන්තර පරිසර තත්වයන් යටතේ නව න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම් සාකච්ඡා කිරීමට කාලය ලැබෙනු ඇතැයි ද ප්‍රකාශකයා පැවසීය.

දීර්ඝය සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටීන් පෙබරවාරි 5 වන දිනට පෙර අවසන් කර, ආයුධ පාලන ක්‍රියාමාර්ග පිළිබඳ නව සාකච්ඡා හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස, මහලේකම්වරයා  එක්සත් ජනපදයෙන් හා රුසියාවෙන්  ඉල්ලා සිටී.

අවි අවම කිරීම පිළිබඳ උපායමාර්ගික ගිවිසුම 2011 වසරේ පෙබරවාරි 5 වන දින සිට බලාත්මක වූ අතර 2021 පෙබරවාරි 5 වන දින අවසන් වීමට නියමිතය.ජනාධිපති ජෝ බයිඩන්  මහතා ගිවිසුමේ පස් අවුරුදු දීර්ඝ කිරීමක් යෝජනා කළ බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා කියා සිටි අතර  එම යෝජනාව ක්‍රෙම්ලිනය සිකුරාදා පිළිගත්තේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන