සර්බියානු සෞඛ්‍ය ඇමතිවරයා චීනයේ COVID-19 එන්නත ලබා ගනී
2021-01-20 10:14:07
Share with:

සර්බියානු සෞඛ්‍ය ඇමති Zlatibor Loncar මහතා චීනයේ Sinopharm සමූහයේ COVID-19 එන්නත ලබා ගනී. හෙතෙම චීනයේ කෙරොනා එන්නත ලබා ගත් එර‍ට පළමු පුද්ගලයා වේ.

චීනයේ COVID-19 එන්නත්,  සර්බියාව එරට භාවිතයට අවසර දී ඇති COVID-19 එන්නත් තුනෙන් එකකි. එය සුරක්ෂිත හා ඵලදායක බව Zlatibor Loncar මහතා ඊයේ (19) එන්නත ලබා ගැනීමෙන් පසු පැවසීය. එන්නත්කරණය සර්බියාවේ වසංගතය මැඩ පැවැත්වීමේ එකම ක්‍රමය බැවින් COVID-19 එන්නත් ලබා ගන්නා ලෙසට හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සර්බියාව මිලදී ගත් චීනයේ Sinopharm සමූහයේ COVID-19 එන්නත්වල පළමු තොගය පසුගිය 16 වැනිදා එරට අගනුවර වන බෙල්ග්‍රේඩ් වෙත ළඟා විය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන