බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නවෝත්පාදනය, විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි චීන ජනාධිපතිවරයාගේ අවධානය
2021-01-20 16:08:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දිනවල බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ තරග පැවැත්වෙන ප්‍රධාන ස්ථාන 3ක නිරීක්ෂණ චාරිකාවල නිරත විය.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සූදානම් කටයුතු කෙරෙහි හෙතෙම ඉහළ අවධානයක් යොමු කරයි.

ෂී ජින් පිං මහතා ඊයේ(19) Hebei පළාතේ Zhangjiakou නගරයේ පිහිටා ඇති ජාතික ස්කී මධ්‍යස්ථානයට හා ජාතික බයත්ලෝන් මධ්‍යස්ථානයට පැමිණ, එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, සහායක කණ්ඩායම් සහ ඉදි කිරීම් සිදු කරන්නන් ඇතුළු නියෝජිතයින් හමු විය.

එහි පුහුණුකරුවන් ෂී ජින් පිං මහතාට පැවසුවේ, කෘත්‍රිම බුද්ධි උපදෙස් පද්ධතිය මගින්, ඔවුන් ක්‍රීඩකයින්ගේ දත්ත එකතු කොට,එම ක්‍රීඩකයින්ගේ පුහුණු මට්ටම වැඩි දියුණු කිරීමට සහය දෙන බවයි. 

ෂී ජින් පිං මහතා මේ පිළිබඳව ප්‍රශංසාව පළ කළේය. රටේ සංවර්ධනය මෙන්ම, තරඟකාරී ක්‍රීඩාවේ නවෝත්පාදනය, විද්‍යාව හා තාක්ෂණය මත රඳා පවතින බව, හෙතෙම සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන