ලොව දිගු කාලීන අවදානම් වැළැක්විය යුතු බවට ලෝක ආර්ථීක සාකච්ඡා සංසදයෙන් ප්‍රකාශයක්
2021-01-20 10:17:42
Share with:

ලොව දිගු කාලීන අවදානම් වැළැක්විය යුතු බව ලෝක ආර්ථීක සාකච්ඡා සංසදය පවසයි.

2021 වසරේ ලෝක අවදානම් පිළිබඳ වාර්තාව නිකුත් කරමින් ලෝක ආර්ථික සාකච්ඡා සංසදය ඊයේ (19) ස්විට්සර්ලන්තයේ Geneva හිදී මේ බව ප්‍රකාශ කළේය.‍ නව කෙරොනා වසංගතය හේතුවෙන් ආදායම් පරතරය හා සමාජීය භේදයන් උග්‍ර වන අතර එය ඉදිරි වසර 3නේ සිට වසර 5ක් දක්වා කාලය තුළ ගෝලීය ආර්ථීක සංවර්ධනයට බාධා එල්ල විය හැකිය. එමෙන්ම එය ඉදිරි වසර 5හේ සිට වසර 10ක් දක්වා කාලය තුළ ප්‍රාදේශීය දේශපාලන අර්බුදකාරී තතත්ත්වය උග්‍ර කරනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. දිගු කාලීන අවදානම් නොසැලකීමෙන් එල්ල වූ බරපතල බලපෑම් 2020 වසරේදී දක්නට ලැබිණ.

එළඹෙන 25 වනදා සිට 29 වනදා දක්වා ලෝක ආර්ථික සාකච්ඡා සංසදය “ඩවෝස් ක්‍රියාදාම සංවාදය” විඩියෝ ආකාරයෙන් පැවැත්වීමට නියමිතය. ලෝකයේ රටවල් හා ප්‍රදේශ 70ක දේශපාලන, වාණිජ්‍ය හා සමාජීය සංවිධාන නායකයින් 1500 වැඩි පිරිසක් ඊට සහභාගි වනු ඇත. වැදගත් වසර ග්‍රහනය කර ඒ ඒ පාර්ශ්වික විශ්වාසය පුනරුත්ථාපනය පිළිබඳ තේමාව යටතේ, නව කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකය මුහුණ දී සිටින විවිධ අභියෝගයන්, පොදුවේ වසංගතය මර්දනය කිරීම හා ආර්ථීක පුනරුත්ථාපයේ සුදුසු ක්‍රමයන් සොයා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.‍‍‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන