වසරේ මුල් මාස 6 තුළ ලෝක ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇතැයි අණාවැකි
2021-01-14 18:44:56
Share with:

මේ වසරේ මුල් මාස 6 තුළ ලෝක ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇතැයි ලෝක බැංකුවේ නවතම “ගෝලීය ආර්ථික දැක්ම”නමැති වාර්තාවෙහි සඳහන් වේ.කොවිඩ් 19 වසංගතය අඛණ්ඩව පැතිරීම ඊට හේතුවයි.

එම වාර්තාවට අනුව,පසුගිය වසරේ ආර්ථික පසුබෑමෙන් බේරී ඇති එකම ප්‍රධාන ආර්ථික ඒකකය චීනයයි. මේ වසර තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 7.9% ක වර්ධනයක් අපේක්ෂා  කෙරේ. ඒ අතරම, චීනයේ මෙහෙයවීම යටතේ,අලුතින් නැගී සිටින වෙළඳපල ආර්ථික ඒකකයන්ගේ ආර්ථිකයන් 5% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර එම වර්ධන වේගය 4.6% ක් බව තක්සේරු කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන